එදා සෙනසුරාදා දවසක්..................
( අළු පාට හැන්දෑව 9.)
''..නංගි මම අද හවස ගමනක් ගිහින් එන්නම්..''
''..ඔයා කොහෙද යන්නෙ..?
''..මම යනවා මල්ලියව බලන්න මිනි පිට්ටනියට...ගොඩාක් දවසකින් එයාව බලන්න යන්න බැරි උනා ගිහින් ටිකක් කතා කරල එන්නම් එයත් එක්ක...''
''..කනත්ත තියෙන්නෙ ගොඩාක් දුරද..?
''මෙතන ඉඳන් කිලෝ මීටර් 15 ක් විතර නංගි...මම ඉක්මනින් එන්නම්..''
කිලෝ මීටර් පහලොවක්..?මම තනියම හිතුවා..වෙන්න ඇති මල්ලි නැති වෙන්න කලින් එයාල උන්නෙ වෙන ගෙදරක කිව්වනෙ..හ්ම්ම්....
''..ඔයා හවස ඔන්ලයින් ඉන්නවනෙ නේද?
''..ඔව් අයියෙ, මම ඉන්නම්,ඔයා එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්නකො..''
එයා හවස ආපසු ආවාම මම ගමනෙ විස්තර ඇහුවා...
''..ඔව් මම ගියා.. මල්ලියා එක්ක කතා කලා..මම ඔයා ගැනත් කිව්ව එයාට..අපේ ගෙදර අයට නම් දැන් මල්ලියව අමතකම වෙලා..කනත්ත මුර කරන්න ඉන්න අන්කල් කිව්ව..වැඩිපුරම ඒ කනත්තට එන කෙනා මම ලු..ඒකෙ තියන වැඩිම ලස්සන සොහොන් කොතත් මගෙ මල්ලියගෙලු..අනේ දැන් හිටිය නම් ලොකු කොල්ලෙක්,එහෙනම් මම තනි වෙන්නෙත් නැහැ මෙහෙම...''
එයා දිගටම කියව ගෙන ගියෙ දරාගන්න බැරි තරම් දුකකින්....එයාගෙ හිත සනසන්න මම නොකියපු දෙයක් නැහැ...එයා ඒ මැරුන මල්ලි වෙනුවෙන් පුදුම දුකක් වින්ද..
''..එයා දැන් හොඳ ලෝකෙක හොඳ තැනක ඉපදිලා ඇති අයියෙ,ඔයා තවත් දුක් වෙන්න එපා..ඔයාගෙ ජීවිතේ ලස්සන ට ගෙනියන්න හිතන්න..එතකොට ඒ මල්ලිත් ඔයා දිහා බලාගෙන සතුටු වේවි ඉන්න තැනක ඉඳන්..''.....
මම දන්නව මේ වචන වලින් කෙනෙකුගෙ ඒ වගේ නැතිවීමක දුක වේදනාව නැති කරන්න බැහැ කියල ඒත් මට ඒ වෙනුවෙන් වෙන කරන්න දේකුත් නැහැනෙ......ඒ ගැන හිතල මාත් ගොඩාක් දුක් උනා...එයාට උන්න එකම හිතවතාත් එයාට නැති වෙලා සදහටම...
''..ඔයා දන්නවද නංගිය...මල්ලි නිදාගත්තෙ මා එක්ක එකම ඇඳේ..අපි දෙන්න දෙපැත්තෙ..එයා නිදපු කොට්ටෙ මේ තාමත් එතනම තියනව..මම ඒක එතනින් අහක් කරන්න දෙන්නෙ නැහැ කාටවත්...''
හ්ම්...ගෙවල් මාරු කලාට පස්සෙවත් මෙයා දෙන්න නිදාගත්ත ඇඳයි කොට්ටයි වෙනස් කරල නැහැ...දැන් මල්ලි මැරිල අවුරුදු 11 ක්..! පුදුම ආදරේකින් ඉඳල තියෙන්නෙ මල්ලිට...අවුරුදු 11 කට පස්සෙත් ඒ මල්ලිව අමතක කරන්න බැරුව දුක් විඳිනව මේ අසරනය..පව් දෙවියනේ..මගෙ පපුව කඩා වැටෙන්න තරම් දුකක් දැනුන....මේ වගේ සහෝදරයෙක්..මේ වගේ හිත හොඳ කොල්ලෙක්,හොඳ දයාබර හිතක් හිමි මනුස්සයෙක් මෙහෙම හමු උන එකත් මගෙත් වාසනාවක් වෙන්න ඇති කියල මට හිතුන...........
''...නංගියා...මම ඔයාට බලන්න එවන්නද මල්ලිගෙ පොටෝ එකක්?..
''...හා..හා...එවන්න..''
මට ඒක බලන්න ඉවසුමක් නැති උනා.....එයා එවෙලෙම එව්ව මට,මුහුදු වෙරළක හිටගෙන ඉන්න අවුරුදු 4 ක විතර පිරිමි ලමයෙකුගෙ පොටෝ එකක්,ඒ පොඩි ලමයා ඇඟ වටේ තුවායක් ඔතාගෙන උන්නෙ........ඒ පොටෝ එකේ රාජ් ලියල තිබ්බ ''මගේ පන'' කියල...ඒ පොටෝ එකේ උන්න ලමයගෙ මූන රාජ්ගෙ මූනමයි..රාජ් පුංචි කාලෙ වගේ මට පෙනුනෙ.....මේවා අහල දැකල මට ගොඩාක් දුක හිතුන රාජ් ගැන.....එදා එයා කිව්ව මෙහෙමත්.......
''....නංගි..ඔයාව මට හොයල දුන්නෙ මගෙ මල්ලියා...එයයි ඔයාව මා ගාවට එව්වෙ....එයා දන්නව දැන් මට මගෙයි කියල කිසිම කෙනෙක් නෑ කියල....ඉස්කෝලෙ මගෙ උන්න එකම හොඳම යාලුවත් මගෙ ජීවිත කතාව ඇහුවට පස්සෙ මාව දාල ගියෙ පැදුරටත් නොකියා..එයා දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ..ඒත් මා එක්ක එක වචනයක් කතා කරන්නෙ නැහැ...ඊට පස්සෙ මම කිසිම යාලුවෙක් ට ලන් උනේ නැහැ...මාව හැමෝම දාල යනව නංගියො..ඔයත් මාව දාල යාවි..එහෙම නේද?..ඔයත් මාව දාල යනව නේද?...''
''...නැහැ..නැහැ....මම ඔයාව දාල යන්නෙ නැහැ..කවදාවත් නැහැ...''
මම එකපාරටම එහෙම කිව්ව... ඒක එහෙම කිව්වෙ ඉබේම කටට ආවට නම් නෙවේ....මම ඒක එහෙම අදහස් කලා..ඇත්තටම ඒ වෙද්දි මට එයාව දාල යන්න බැරි තත්වයක් තිබුනෙ...ඒ වගේ ජීවිතේ අන්තයටම ඇද වැටිල ඉන්න කෙනෙක්ව දැන දැනම දාල ගියොත් මට මහා ගෙවා ගන්න බැරි තරම් පවක් වේවි කියලයි මට හිතුනෙ...........
ඔය අතරම දවසක් මට රාජ් කිව්ව අනුත්තරාට ගෙදරින් විවාහ යෝජනාවක් ගෙනත් එයා ඒකට කැමති උන බවත්..දැන් ඒ දෙන්නගෙ කේන්දර බලන්න යන වගකුත්...පස්සෙ එයා කිව්ව අනුත්තරා විවාහ වෙන්න තීරනය කලා ලු කියල....මම එයාට නිතරම කිව්වෙ අතීතය ගැන හිතන්නෙ නැතුව එදිරිය බලන්න කියල...
''නැහැ නංගි මම මගෙ අතීතය සම්පූර්නයෙන් අමතක කරනවා..මම දැන් එයා ගැන හිතන්නෙ නැහැ..'' කියල එයා ඒ හැම වෙලේම කිව්ව....
ඒ දවස් වල අපේ වෙලාවෙ වෙනස පැය 3ක් මිනිත්තු 30 ක්...අපේ වෙලාවෙන් හවස 0430 ට එයාට රෑ 0800 වෙන්නෙ...එයා රෑ කෑමට යන්නෙ හරියටම 0800 ට...මම එයා කාල එනකම් ඉන්නව..ඊට පස්සෙ එයා ආවාම එයා කෑවෙ බිව්වෙ මොනාද විස්තර අහලා තමා මම අපේ ගෙදර රෑ කෑම හදන්න යන්නෙ....ඊට පස්සෙ මම කෑම කාල එනකම් එයත් ඉන්නව...මම එද්දි හැමදාම රෑ 0900 වෙනව...ඒ කියන්නෙ එයාට 1230.....ඊට පස්සෙත් අපි දෙන්න ගොඩාක් වෙලා කතා කර කර ඉන්නව ස්කයිප් නැත් නම් ගූග්ල් එකෙන්.........ගොඩාක් දවස් වල එයා පාන්දර වෙනකම්ම උන්න..........
එදත් සුපුරුදු විදියට මම රෑට කෑම කාල එද්දි රෑ 0900 විතර උනා.....රාජ් ඔන්ලයින් උන්නෙ නැහැ...ඒ වෙනුවට එයාගෙන් මේල් එකක් තිබුන.....
''......නංගියො මට සමාවෙන්න...මේ විදියට ඔයාට නොකියම යන්න ගියාට...මේ විදියට ජීවත් වෙන්න බැහැ මට තවත්...මගෙ ජීවිතෙන් මට පලක් නැහැ තවත්...මාව හොයන්න එපා,හෙට උදෙන්ම මම මෙහෙන් යනවා යන්න මාව කාටවත් හොයන්න බැරි තැනකට...මම ආයෙ කවදාවත් අපහු එන්නෙ නැහැ....ඔයා පරිස්සමින් ඉන්න නංගියො...ඔයාට බුදුසරනයි...''
ඇත්ත සිදුවීමක්ද? හ්ම්ම්ම්ම්, මං සහෝදර සහෝදරියෝ නැති හින්ද ගොඩක් දුක් වෙනවා, එයාට ඉඳලත් නැති උනානම් කොච්චර දුක ඇතිද? :(
ReplyDeleteහක හක... හැඟුම්බර කතාවක්.. ඒත් රාජ් ආයේ ආවොත් ඒකේ තේරුම මේ කතාව අනුකම්පාව දිනාගන්න ගොතපු එකක් කියලයි..
ReplyDeleteඅපිට ජීවිතේ ඇතිවෙන සමහර බැඳීම්වලින් අයින් වෙන්න ගොඩක් අමාරුයි.එහෙම උනාම මේවගේ දේවල් වෙනව.දුක හිතෙන කතාවක්,හැබැයි මේක තමා ජීවිතේ.
ReplyDeleteඔක්කොම කියෙවුවට පස්සෙ තමා මේක දාන්නේ.පරිඝනකයක දෙපැත්තක ඉඳල කෙනෙක්ට ඕනෙම චරිතයක් රඟපාන්න පුලුවන්,ඉතින් අපිත් අපේ හිත හොඳ කමට ජීවිතෙම දෙන්න හදනව,ඒත් අපි අතින් පොඩි අතපසු වීමත් උනොත් තමා ඒ මිනිස්සුන්ගෙ හරි චරිතය අඳුර ගන්න පුලුවන් වෙනෙන් අලි දෙන්නං කොටි දෙන්නං කියන අයට යකෙක්ගෙ චරතය රඟ පාන්න පොඩි වෙලාවයි යන්නෙ.මිනිස්සුන් ගේ හිත් හරි දරුණුයි.මේව පෞද්ගලික අත්දැකීම්.
ReplyDeleteදිගටම ලියන්න
ඒ පාර මොකාටද ඇවිත් තියෙන්නෙ?
ReplyDeleteජිවීතේ ලගින්ම හිටිය කෙනෙක් නැති වුනාම ඒක උහුලන්න අමාරැයි.
ReplyDeleteමගේ ගණිතය උගන්නපු මිස්ට හිටියෙත් එකම එක මල්ලියෙක් විතරයි. එයාට අවු 21 දී ඇක්සිඩන්ට් එකකින් නැතිවුනා. දැන් අවුරැදු 12ක් වෙනවා. ඒත් තාම මිස්ගේ කාමරේ මල්ලී ඇදපු ටී ෂර්ට් එල්ලලා තියෙනවා.
මල්ලී ගැන ඕනවටත් වඩා අදටත් හිතනවා. මිස් මල්ලීගේ ෆොටෝ දාලා ඇල්බම් එකක් හදලා තියෙනවා. ඒකේ අන්තිමට මිස් ලියලා තිබුණා
කරවටේ අත දමා
මචං යැයි කීමට
සිතා සිටියා නුඹ
නොදුටු මස්සිනා ගැන...
නුඹේ අවසන් වෙලාවේවත්
කරහන්නට ඒ බරට
නොසිටි මස්සිනෙක් ගෙන්
පලක් වේවිද
නුඹේ මේ අක්කාට ....
ඔය කිව්ව කවියේ ලියපු විදියටම මිස් අදටත් ඉන්නවා.මම පුළුවන් හැම මෙලාවෙම මිස්ගේ දුක සැප බලනවා. මිස් කියන්නේ කවදාවත් බදින්නෑ කියලා.
හ්ම්ම්ම්ම්ම්!
ReplyDeleteරාජ්ව තේරුම් ගන්න බැරි අමුතුම ගුප්ත චරිතයක් කියලා මට නම් හිතෙන්නේ...හදවත ගලවලා අතට අරන් දෙන්න හදන...කඳුළු වලින් මූනේ බාගයක් වහගත්ත චරිතයක් වගේ....
හ්ම්ම්...
ReplyDeleteකෙනෙක් එයාව ජීවත් කරන්න උත්සාහ කරද්දි ජීවිතෙන් පැනල යන්නේ ඇයි???
happey raj mee paara enney mokaatada....
ReplyDeletemeka aththatama oyata unu siddiyakda? ane eya aye oyata katha karawi nangiya,meya aniwaryen Korea wala ho Japan wala inna kenek neda? korea wala nam eya gana wistharayak kiuwoth hoya ganna udau karanne bari wena ekak na.mokada math inne korea wala.
ReplyDeleteBudu Saranai
(NH)
mama adamai me paththe awe... (NH)
ReplyDeleteරාජ් නම් මාරම චරිතයක් තමා.ඇත්තටම මේහම පොරව්ලුත් ඉන්නවනේ මේ ලෝකේ
ReplyDeleteඑයාගේ මල්ලි නැති වෙලා තියෙනේ මොනා වෙලාද නංගි ? පවු. එයා මල්ලිට ගොඩක් ආදරේ වෙන්ටෑ.
ReplyDeleteමට පුදුමත් හිතුන ඇයි මේ අපේ ගොඩ දෙනෙක් කතාවේ මේ කොටස විතරක් කියවලා අදහස් පල කරන්නේ කියලා.
ReplyDeleteකතාවක් ගැන අදහස් පල කරන්න හරි විවේචනයක් දෙන්න හරි අපි කතාව හරියට දැනගෙන ඉන්න ඕනේ
ඒත් ගොඩ දෙනෙක් එහෙම නැහැ වගේ.
ඒකනේ රාජ් ගැන දන්නේ නැති බව පේන කමෙන්ට් ගොඩක් වැටිලා තියෙන්නේ.
අනේ මන්ද වින්චැට් කිරිල්ලීයේ
ඔයාගේ මේ හෙළිදරව්ව දිගටම කරගෙන යන්න
ඒක තනිකතාවක කොටස් විදිහට දාන්න පුලුවන්නම් ලොකු අවධානයකින් බලන්නේ නැති අයටත් පොඩි හරි අහදසක් එයි මේක තනි කතාවක් නෙමෙයි දිගට ගලාගෙන ආපු කතාවක් කියලා
එහෙම කලොත් ඔයාගේ අත්දැකීමෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු ප්‍රමාණය වැඩි වෙයි කියල මට හිතෙනවා.
Dishan Rajapaksha ..
ReplyDeleteස්තූතියි ඔයාට..අළුපාට හැන්දෑවට ආවට...කතාව මුල ඉඳන් කියවන්නකො...ඉදිරියටත් ඔයා දිගටම කියවාවි කියල හිතනවා...
lahirucc .....
ReplyDeleteලහිරු.මට හරියටම තේරුනේ නැහැ ඔයා අදහස් කරපු දේ නම්..'මේ කතාව' කිව්වෙ මේ මම ලියන එකද? නැත් නම් රාජ් යන්න යනවා කියපු එකද?..කෝම උනත් මම කියන්නෙ මේ කතාව මුල ඉඳන්ම බලන්නකො......
කස්ස.....
ReplyDeleteඔයා එක්ක 100% එකඟයි මම.....මට අත්දැකීම් තිබුනෙම නැහැ..ජීවිතේ කියන්නෙ මේකට ඔයා කිව්ව වගේ...ජීවිතේ දේවල් සිද්ද වෙන්නෙ කොක් හඬ දීල හිනාවෙන්නවත්,ඉකි ගහ ගහ අඬ අඬ ඉන්නවත් නෙවේලු.....ඉගෙන ගන්නලු...
samadhi.......
ReplyDeleteසමාදි....මට මේක ලියනකොට වෙලාවකට පුදුම තරහක් එනව..වෙලාවකට දරාගන්න බැරි දුකක්,වේදනාවක්,වගේම මේක අල්ලලා අහකට විසිකරල දාන්න තරම් පිලිකුලක් දැනෙනව....
බට්ටි.....
ReplyDeleteහරිම දුකයි ඔයා කියල තියන කතාව.....මේක මුල ඉඳන් කියවන්න වෙලාවක් තියනවානම්....ගොඩාක් ස්තූතියි අළුපාට හැන්දෑවට ආවට...දිගටම ඉන්න මා එක්ක..
දිල්.....
ReplyDeleteහ්ම්ම්..හ්ම්ම්......මතකද වෙස්මූන..? මම හිතන් නැහැ ඔයාට ඒක මතක ඇති කියල..කෝම උනත් වෙස්මූන නම් හරියටම හරි ඇත්තක්...! ඒක ගැලෙව්ව මම....හහ්...ඇතුලෙ උන්නෙ 'මොන්ස්ටර්' කෙනෙක්..!
තාරක Dilsh@n......
ReplyDeleteඔව්..හොඳ ප්‍රශ්නයක්...ඉදිරියට කියවන්නකො............
ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්.....කියන්න දේවල් ගොඩාක් හිතට එනවා....කතාවෙම ලියන්නම්කො......
Unknown.....
ReplyDeleteඔයාට ගොඩාක් ස්තූතියි..මේ පැත්තට ආවට ඒ වගේම මට උදව් කරන්න ඉදිරිපත් උනාට....මේ කියන 'රාජ්' ඉන්නෙ ලංකාවෙ,කතාව අවසානෙදි කියන්නම් එයාගෙ ඔක්කොම වගතුග.......
Thilan....
ReplyDeleteමම හිතන්නෙ තිලාන් මේ වගේ අය ඉන්නෙ මෙයා විතරයි කියල.....
ඔයාවත් ආදරෙන් පිළිගන්නව අළුපාට හැන්දෑවට...!
මධුරංග.....
ReplyDeleteඔව් අයියෙ....එයා දැනුත් මල්ලි ගැන කියන්නෙ අඬ අඬ..පව් නේද අයියෙ?..ආ..මල්ලි පොඩි කාලෙ සෙල්ලම් කර කර ඉන්නකොට වැටිල,නහයෙන් ලේ ආවලු,මීගමුවෙ හොස්පිටල් එකට අරන් ගියාලු,දවස් 3 ක් සිහි නැතුව ඉඳල සිහිය ආපු ගමන් ඇහුවෙත්..''කෝ චූටි අයිය'' කියල ලු..(පොඩ්ඩක් ඉන්න අයියෙ,මට හිනාව නවත්ත ගන්න බෑ).........................................හ්ම්..ඕකේ...................පස්සෙ තව ඔපරේශන් එකක් කරන්න තියනව කියල කොලඹ අරන් ගිහින් ඒක කලාලු...ඊට පස්සෙ මල්ලි නැගිට්ටෙ නැහැ ලු.......එයා මැරුනලු.....................
ලොකු පුතා....
ReplyDeleteඔව්..ඔයා කියන දේ හරි....මම එහෙම කරන්නම්.....ගොඩාක් ස්තූතියි...ඒ වගේ ඉදිරියටත් අඩුපාඩු පෙන්වල දෙනව නම් ගොඩාක් පිං හොඳේ?
මූ නම් ලෝක අන්ඩයෙක් වගේ... මග ඇරුනු කොටස් 3ක්ම කියවලයි අද කමෙන්ට් කරන්නේ...
ReplyDeleteඔනල්යින් අඳුරගන්න අය පරිස්සමින් ඇසුරු කරන්න ඕනි... ඔනලයින් නෙමෙයි කොමත් මිනිස්සු තේරුම් ගන්න හරිම අමාරුයි
රාජ් කියන්නෙ අමුතුම අකාරයේ ගුප්ත චරිතයක් වගේ.........ඔයා කියන විදියට එයා රකුසෙක්නම් එයා එයාගේ ගේම් එකට තෝරගෙන තියෙන්නෙ මිනිස්සුන්ට සන්වේදිම වෙන තැන්...........බලමුකෝ එයාගේ කෙරුවාවෙ තරම කොහොමද කියලා ඔයාට ඔච්චර කේන්තියක් එන්න තරම්........අපි දිගටම අවදියෙන් චින්චැට්...
ReplyDeleteමේ යන විධියට කොහොමද මිනිස්සු විශ්වාස කරන්නේ. අන්තිම අහිංසකයෙන්කේ මේ ඉන්නේ. යමුකෝ බලන්න දිගටම ඉදිරියට...
ReplyDeletepriyantha ......
ReplyDeleteඅයියෙ..මම දැන් හැමෝම දිහා බලන්නෙ සැකෙන්...ඒක මට මානසික තත්වයක් වෙලා දැන්..හරි අමාරුයි එහෙම ජීවත් වෙන්න..............
සෙවණැල්ල.......
ReplyDeleteමට හිතට එන දේවල් ඔයාට කියන්න බැහැ මෙතන.....එහෙම කිව්වොත් කතාවෙ ලියන්න දෙයක් නැති වෙනවා.....දිගටම ඉන්න මා එක්ක.......
පිස්සා පලාමල්ල.....
ReplyDeleteමිනිස්සුන්ව අඳුන ගන්න බැහැ...මිනිස්සුන්ගෙ හදවත් ස්ථාවර ඒකකයක පිහිටල නැති නිසා වෙන්න ඇති...අද කෙනා නෙවේ හෙට ඉන්නෙ,දුර ඉන්න කෙනා නෙවේ ලඟට ආවාම..............එහෙම වෙනස් නොවෙන මිනිස්සුත් ඉන්නවා...ඒත් ඒ අයට මේ ලෝකෙදි ලැබෙන්නෙ,හමුවෙන්නෙ දුක වේදනාව විතර මයි...!!
මේක දුක හිතෙන කතාවක්...වගේ මං ආස සැප හිතෙන කතා වලට දුක හිතෙන කතාවලට ආස අඩුයි....
ReplyDeleteලස්සනට ලියනව...
ReplyDeleteamila chathuranga .....
ReplyDeleteදුකෙන් තොර සැපතක් නැත පණ්ඩිත..!!
Raj....
ReplyDeleteස්තූතියි රාජ්..!!
අදයි මම ඔයාගේ හැම ලිපියක්ම කියවලා ඉවර කලේ. අනේ මන්දා ඔයා මේක ලියන්න පරක්කු වුනා වැඩිද කියලා...?
ReplyDeleteමටත් වෙලාවකට එහෙම හිතෙනව බට්ටි......අන්ධ වෙලා උන්න මම .....මායාවෙන් ගැළවෙන්න කල් ගියා...ඒත් ආයෙත් ලබා ගන්න බැරි දෙයක් නැති උනේ නැහැ මට...පූරුවෙ පිනකට මම ලංකාවෙන් පිට උන්නෙ...නැත් නම් මේ කතාව මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුනා...සමහර විට මේක ලියන්න කෙනෙක් නැති වෙන්නම තිබුනා........................
ReplyDelete