My Blog List
Friday, 25 November 2011
රුක් අත්තන මල් ...................!!
අද අපේ අම්ම ඇවිත්.....ඔන්න ඇහෙනව සිංහල සින්දුවක්..!
''......රුක් අත්තන මල මුදුනේ...බඹරු නටන සැන්දෑවේ....''
සින්දුවට කන් දීගෙන ඉන්නකොට ඉබේම හිතට ආවා ඈත කාලෙක එක්තරා මතකයක්..මතකයක් විතරක්ම උනත් මම ආශයි මොහොතකට හරි ඒ මතකයේ ජීවත් වෙන්න.....
ඉස්සර අපේ ගෙදර..ඒකට කවුරුත් කිව්වෙ 'මහ ගෙදර' කියල..මොකද තාත්තගෙ උපන් ගෙදර ඒක....ඔය මහ ගෙදර තුබුන සොල්දරයක් ඒ කියන්නෙ උඩ තට්ටුවක්..අපි පවුලෙ අය ජීවත් උනේ පහල..සොල්දරේ කවුරුත් නැහැ පාලුයි..සීයලාගෙ ආත්තම්මලාගෙ පරණ බඩු තිබුන ඒකෙ...අපි ඉස්සර හැංගි මුත්තන් සෙල්ලම් කරද්දි විතරක් සොල්දරේට යනව ඒකෙ හැංගෙන්න..පස්සෙ පස්සෙ ආත්තම්ම ඒකට යන්න අපිට තහනම් කලා,එයාගෙ කෞතුක වස්තු ටික කඩා බිඳ දමාවි කියල.....ඉතින්, ඉස්සර මට පුරුද්දක් තිබුන ගෙදර කවුරු එක්ක හරි ඔය පුංචි දේකට තරහ උනාම සොල්දරේට වෙලා හැංගිලා ඉන්න...මගේ ප්‍රියතම තැනක් තිබුන..ජනේලයක් ගාව මිටි පෙට්ටගමක් තිබුන ඒක උඩ ඉඳගෙන මම ජනේලෙන් ඈත වෙල්යාය දිහා බලාගෙන ඉන්නවා...කොක්කු..කිරල්ලු..පිළිහුඩුවො...දිහා බල බල මට දවසක් උනත් ඉන්න පුලුවන්...බොහෝ දුරට මම ඔතෙන්ට යන්නෙ හැන්දෑවට ඉස්කෝලෙ ඇරිල ආවට පස්සෙ...............
ඔය කාලෙ එක දවසක් මට දැනුන එතන ජනේලෙ ගාවට අමුතුම අමුතු සුවඳක් එනවා....මොන වගේද කියල හරියටම විස්තර කරන්න බැරි,මෙන්න මේක වගේ කියල උදාහරනයක් වත් දෙන්න බැරි,අමුතුම මිහිරි..ගැඹුරු..සුවඳක්..!..ඒ වගේම මොකක්දෝ අමුතු පාලු ගුප්ථ ගතියකුත් ඒ සුවඳෙ මට දැනුන........
ආත්තම්මගෙන් ඇහුවාම එයා කිව්ව..වෙල්යායෙන් එහා ඈත ගමක රුක් අත්තන ගස් වල මල් පිපිල කියල...ඒ සුවඳලු ඔය එන්නෙ...
ඊට පස්සෙ හැමදාම හැන්දෑවට මම පුරුද්දක් වශයෙන් සොල්දරේට යනව ජනේලෙ ගාව ඉඳන් රුක් අත්තන මල් සුවඳ විඳින්න....ඒක හරිම අමුතු සුවඳක්.....!! ඒත් ටික කාලෙකට පස්සෙ ඒ සුවඳ එන්නෙ නැති උනා...මල් වාරෙ අවසන් වෙලා වෙන්න ඇති............
ආයෙමත් කාලෙකට පස්සෙ ඒ සුවඳම සුපුරුදු විදියට දැනෙන්න ගත්තාම මට උවමනා උනා ඒ මල් පිපෙන ගස් මොනවද කියල බලා ගන්න..ඒක මට ඒ දවස් වල 'පොඩි පිස්සුවක්' වගේ තමා තිබුනෙ...දවසක් අපි කොහෙද ගිහින් එනකොට තාත්ත කනත්තක් ගාව නතර කරල මට පෙන්නුව ලොකු ගස් වගයක්...ඒවා තමා රුක් අත්තන ගස්..! සුදු පාට පුංචිම පුංචි මල් පොකුරු පොකුරු ඒ ගස් වල පිරීලා තිබුන මට අද වගේ මතකයි.......ඒත් අනේ අර මට වෙනද දැනෙන අර පාලු ගුප්ථ මිහිරි සුවඳ ඒවලින් නම් දැනුනෙ නැහැ...ඇත්තටම ඒක වෙන්න බැරි දෙයක්නෙ....තාත්තගෙන් අහුවාම එයා කිව්වෙ මේ වගේ කතාවක්...........
''...රුක් අත්තන මල් වල සුවඳ දැනෙන්නෙ ලඟට නෙවේ දුරට....''
ආත්තම්ම කිව්ව්ව..රුක් අත්තන මල් පිපෙන්නෙ හැන්දෑවටලු...මිනී කනතු වගේ පාලුවට ගිය තැන් වල ලු ඒ ගස් වැඩිපුර හැදෙන්නෙ...පොළඟ කියන සර්පයා කෑවාම ඉස්සර කාලෙ මිනිස්සු සිහි මුර්ජාවෙල ඉන්න ලෙඩාව රුක් අත්තන ගහේ ලෑල්ලක් උඩ තියාගෙන ලු වෙදකම් කරන්නෙ...රුක් අත්තන ගහේ ලීයට සර්පයගෙ විස ඇද ගන්න පුලුවන්ද මොකක්ද කතාවක් කිව්ව වගේ මට මතකයි...................
අද මට නන්දා මාලනීගෙ ඒ ගීතය ඇහුනාම ආයෙමත් ඒ මල් සුවඳ මතක් උනා....
තාත්ත ඒ මල් ගැන එදා කිව්ව කතාව මතක් උනා....''...රුක් අත්තන මල් වල සුවඳ දැනෙන්නෙ ලඟට නෙවේ දුරට...''.....අද මට හිතෙන්නෙ මෙහෙම.....ආදරෙත් ඒ වගේ......රුක් අත්තන මල් සුවඳ වගේ........ඔව්..හරියටම ඒ වගේ...!!!!
Subscribe to:
Post Comments (Atom)
ලස්සන කතාවක්...
ReplyDeleteහොඳට ලියල තියනවා.. හිතේ මැවෙන විදිහට...
ආදරයයි රුක්කත්තන මලයි සමානයි කියලා මම් අදමයි ඇහුවේ. ඒක හරි වෙන්ටෑ.
ReplyDeleteGordonia ceylanica .........
ReplyDeleteස්තූතියි අළුපාට හැන්දෑවට ආවට....ආයෙමත් ඇවිත් මොනා හරි කියල යන්න.....
මධුරංග.........
ReplyDeleteමට හිතුන ආදරෙත් දුරින් දුරින් එන සුවඳක් වගේ කියල....ඒ මල් වල සුවඳ තේරුම් කරන්න බැහැ....අමුතුයි....
ලස්සනට ලියල තියෙනවා වින්චැට් කිරිල්ලි....
ReplyDeleteරුක්ඇත්තන මල් විතරක් නෙමේ ගොඩක් සුවඳවල් අපෙන් ඈත් උනාම තමයි අපිට ඒ අඩුව දැනෙන්නේ, ඒක ඇත්ත
ළඟ තියෙනකම් ලොකු අගයක් නැති දේවල් දුරස් උනාම මහාලොකු ලෝබකමක් දැනෙනවා
මම පොඩි කාලේ අපේ මහ ගෙදරත් තිබ්බා සොල්දරයක්.
ReplyDeleteගොඩාක් වෙලාවට ඒකට ඉස්සර අපි නගිනවා. හිටි ගමන් හැන්ගිමුත්තන් කලාම මම හැන්ගෙන තැනත් ඒක. ඒත් පස්සේ කාලේ එකේ ගැරඬියෙක් හිටපු හින්දා යන්න භය වුනා. ඒ වුනාට අදටත් මගේ ගමේ ගෙදර මතකෙට එන හැම වෙලාවෙම සොල්දරේ ඉන්නවා.
අපේ ඔය කියන ගේ තිබ්බේ වටේ කන්ද උඩින් එක පැත්තකින් කුඹුරකුත් ඊට පස්සේ දොලකුත් තිබ්බා. දොල අයිනේ රුක් අත්තන ගස් තිබ්බා. ඉතින් අර වහලේට නැග්ගම ඉබේම රුකත්තන මල් සුවඳ ආවා.
ඒ වුනාට මට නම් රුක් අත්තන ගස් මතක මට පොඩි කාලේ හූ කියන හුලන් පෙති හදලා දුන්නේ රුක් අත්තන ගස් වල ලීයෙන්. අර කන්ද උඩ උසම ගහේ බැඳලා ගමටම ඇහෙන හුලං කාලෙට සින්දු කියන රුලන් පෙති.
ඔය රුක් අත්තන ලීයෙන් ක්‍රිකට් බැට් එහේමත් හදන්ඩ පුලුවන්නෙව....කොහොමත් ලඟ හිටපු කෙනේක් අපේ වැරැද්දෙන් ඇත් උනහම නේ ඒයාගේ අගේ අප වටා හමන්ට දැනෙන්ට පටන්ගන්නේ...ඔක තමා ජිවිත සොබහව.
ReplyDeleteමටනං මතක නෑ රුක් අත්තන මල් සුවඳ....මතක් කරාට එන්නෙම නෑ....මමත් මේ අදමයි නේ නගෝ ඇහුවේ ආදරේ සුවඳ දැනෙන්නේ දුරට ගියාම කියලා....මට නං ඒකේ අනික් පැත්ත...
ReplyDeleteලොකු පුතා..........
ReplyDeleteඔව්...ලඟ තියෙද්දි අගේ පෙනුනෙ නැති, ලෝකෙටත් වඩා වටින දෙයක් මගෙන් ඈතට ගියා......මහා ලෝභ කමක් දැනෙනව දැන්.... ඒ සුවඳ දැනෙනවා දැන් ගොඩාක් දුරින්......
Il mondo di una povera pazza ........
ReplyDeleteඔයාලටත් තිබිල තියෙන්නෙ පරන වලව්වක් එහෙනම්...අපේ සොල්දරේ උන්නෙ වවුල්ලු.......පස්සෙ ඩ්‍රැකිව්ලා කතා කියල අයියල මාව බය කල නිසා, මම සොල්දරේ පැත්ත පලාතෙ ගියෙ නැහැ...........
Raj............
ReplyDeleteහ්ම්ම්ම්ම්.........අපේ සමහර වැරදි අපිට වැටහෙද්දි....ජීවිතේ ගොඩාක් දුර ගිහින් අපි....ආපහු හැරෙන්න බැරි තරම්......
ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteඒ මල් වල තියෙන්නෙ අමුතුම සුවඳක්..හැන්දෑ වෙලාවට ඒ සුවඳ එන්නෙ....මහා ගුප්ථ මිහිරි සැර සුවඳක්..!
අදමයිනෙ මම මෙහාට ආවෙ.... හරිම ලස්සන බ්ලොග් එකක්..නමට ගැළපෙන පසුබිම, කිරිල්ලිත් හරිම ශෝයි.... හරිම වෙනස් ලස්සන නමක්...
ReplyDeleteහ්ම්ම්... මම කියෙව්ව පළවෙනිම ලිපිය.. නියමයි..හරි ලස්සනට ලියලා...
"අද මට හිතෙන්නෙ මෙහෙම.....ආදරෙත් ඒ වගේ......රුක් අත්තන මල් සුවඳ වගේ........ඔව්..හරියටම ඒ වගේ...!!!!"
ඇත්ත කියලා මටත් හිතුනා...:) ආදරෙත් දුරට දැනෙනවා වැඩියි...ඒක හරි කෙල්ලෙ..
හිතුවක්කාරි...........
ReplyDeleteකිරිල්ලි ඔයාව ආදරෙන් පිළිගන්නව අළු පාට හැන්දෑවට..!! ඔයාලගෙ වදන් මට ලොකු ශක්තියක් ඉදිරියට යන්න.......
ආයෙත් ඇවිත් කියල යන්න මොනව හරි............ස්තූතියි....!!!
අපේ ගෙදරත් වවුලෝ හිටපු කොටසක් තිබ්බා. ඒත් උන් දිගටම රැඳුනේ නෑ මම හිතන්නේ. කොහෙද අපේ අම්මා ශුද්ධ කරන හැටියට වවුලෝ කොහේ ඉන්නද? ඒත් අම්මා විතරක් ඉන්නවා නම් ගේ අස්සට එන තලගොයෙක් හිටියා. අපි ළඟ පාත හිටියත් එයා ආවේ නෑ.
ReplyDeleteමට මතකයි මම පොඩි කාලේ අපේ නැන්දා කෙනෙක් පිළිකාවකින් තරුන වයසේම මැරුනා. විභාගේ ලියපු ගමන්ම වගේ. යුනි යන්නත් කලින්. එතකොට අපේ ගෙදර ලොකු අය මම අඬන කොට කීව රුක් අත්තන පෙට්ටියක් හදලා එයාගේ මිණිය ඒකට දාපුවම එයා නැවත ඉපදෙනවා කියලා. මම හිතන්නේ එහෙම කතාවක් තියෙනවා රුක් අත්තන ලී ගැන. ඒ සුවඳට වෙන්න ඕනේ.
Il mondo di una povera pazza..........
ReplyDeleteමේක නම් මාර වැඩක්..! දන්නවද ඔයා? අපේ ගෙදරත් තලගොයෙක් හිටිය...මේ දැනුත් මා ගාව තියනව ඒකගෙ පොටෝ එකක්..!! අලි පැටියෙක් වගේ බත් කාල කාල මහත් වෙලා..මේ පොටෝ එකේ ඉන්නෙත් එයා බත් කන මැටි වළඳ එක්ක..!අපේ පිටිපස්සෙ මිදුලෙ එයා උන්නෙ ගෙදර කෙනෙක් වගේ..බත් එක්ක දෙන මාලු පිනි වළක් හාරල හංගල,පස්සෙ ආපහු අරන් කනවා එයා.....
රුක් අත්තන ගහේ ලීයෙ පොළොන් විස ඇද ගන්න බලයක් තියනවලු ඒකලු ඒ ලෑලි උඩ තියන් එහෙම අයට වෙදකම් කරන්නෙ...ඒ ලීයෙන් පෙට්ටිය හදල පොළඟ කාල මැරුණු අයව වලලන වලු ....ඒත් ඉතින් වැලලුවාට පස්සෙ විස නැති වෙලා ගිහින් ආයෙ පන ආවොත්????? ''මලාට හපන්''...!!
මට හරියටම මතක නෑ. මොකද මීට අවුරුදු තිහකට එහා අහපු කතා හින්දා. මම මතක් වුනේ (හිතන් හිටියේ) මැරුන හැමෝම එනවා කියලා ආපහු.
ReplyDeleteඅපේ අම්මගේ සත්තු එහෙම ගොඩාක් හිටියා. අපේ රත්තිත් එහෙමයි. එයා මාව පිටේ ගෙනියන්නේ අම්මා ළඟ ඉන්නකොට විතරයි. අම්මා කියන ඕනේ දෙයක් කරනවා. ඒත් අපිව ගනන් ගන්නෙවත් නෑ. (ඒ වුනාට එයා මගේ.) අපේ ගෙදර හිටපු බව්වත් එහෙමයි. අම්ම යන යන තැන යනවා. පොඩි කාලේ තනියට මාත් එක්ක බාත් රූම් එකට යන්න එන්න කිවුවත් එන්නේ නෑ. කොටින්ම අපේ වත්තෙ ගස් වුනත් අම්මා ඉන්න කාලේ ගෙඩි ගොඩාක් හැදුනා.
මේ පාර ගමේ ගියාම බලන්න ඕනේ රුක් අත්තන ගස් තවම තියෙනවද කියලා. කොහෙද දැන් අපේ ඉඩමේ වටේ තියෙන දොලත් මිනිස්සු ගල් කඩන්න නාස්ති කරලා කිසිම ලස්සනක් නෑ.
Il mondo di una povera pazza ....
ReplyDeleteඔයා කියන්නෙ හරියටම අපේ ගෙදර ගැන වගේ......ඉහත ආත්මෙද මන්ද....මටත් රත්තියෙක් උන්නනෙ.......මම ඒ විස්තර ලියන්නම් බ්ලොග් පෝස්ට් එකක් විදියට...ඔයා කිව්වාමයි මට මගෙ රත්තිව මතක් උනේ....අපෙ වත්තෙ දොලක් තිබ්බෙ නැහැ...ඒත් වත්ත පුරාම පළතුරු ගස් තිබුනා..ගේ පිටිපස්සෙ ලොකු කෙහෙල් කොටුවක් තිබ්බ...සමහර දාට කුරුල්ලො කාක්කො කෑගහද්දි තමා අපි කෙහෙල් කොටුව පැත්තට යන්නෙ...එතකොට කෙහෙල් කැන් ගස් වලම ඉදිලා...ඊට පහලින් තමා මායිමක් පේන්නෙ නැති වෙල්යාය තිබුනෙ....ඒ වෙල්යායෙ එහා කොනේ තමාලු අර රුක් අත්තන මල් ගස් තිබ්බ ගම තිබුනෙ....ඒ ඔයාලගෙ ගමේ වත්තෙද දන්නෙ නැහැ නේද????.......අපි කුරුණෑගල...
නෑ. මම ඉපදුනේ බලංගොඩ.
ReplyDeleteමගේ බ්ලොග් එකේ කතා ඇති අපේ ගම ගැන හා මගේ ඇඩ්වෙන්චර්ස් ගැන. තව මෙන්න මේ ස්ටෝරිස් වලත් තියෙනවා මගේ ගමේ ගැන. (http://abnormalminds.blogspot.com/2011_06_01_archive.html )
ඒ වුනාට මම නම් ඉපදුනා විතරනේ. දැන් නිකම් ඒක මගේ හීන ලෝකේ වගේ.