මම මුලින්ම මණමාලියෙක් (යහළු.) උනේ මීට අවුරුදු 3 කට කලින්..මේක අමුතුම දවසක් මගේ ජීවිතේ...කවදාවත් අමතක කරන්න බැරි......!!
අපේ අම්මගෙ හොඳම යාලුව තමා එයාගෙම ඔෆිස් එකේ ඉන්න නැන්සි..නැන්සි අපේ අල්ලපු රටක කෙනෙක්,ජොබ් එක නිසා ඉන්නෙ මෙහෙ,එයාගෙ මහත්තයයි පුතයි එක්ක...එයාල නිතරම අපේ ගෙදර යනව එනව..එක නිවාඩු කාලෙක අපිත් නැන්සිල එක්ක එයාලගෙ රටට ගියා..එයාලගෙ ගෙදර උන්නෙ එයාගෙ එකම මල්ලියි..නංගියි විතරයි..අම්ම තාත්ත නැතිවෙලා ගොඩාක් කල්..මල්ලි අවුරුදු 40ක් විතර අවිවාහක කෙනෙක්,ප්‍රියමනාප චරිතයක් තිබුන එයා 'මිශෙල්'..නැන්සිගෙ නංගි මට වඩා අවුරුදු 4ක් වැඩිමල්..එයාගෙ නම 'ලියා'..එයා නැන්සිලාගෙ එකකුසේ උපන් සහෝදරි නෙවේ..අවුරු 2 වයසෙදි ලු ලියාව හදා ගන්න අරන් තියෙන්නෙ එයාල..ලියා හරිම ලස්සන උගත් කඩිසර කෙල්ලෙක්..රසට කෑමබීම හදන්න,කඩිය වගේ දුව දුව ගෙදර වැඩ කරන්න..ඒ වගේම ලස්සනට ඇඳුම් මහන්නත් එයාට පුලුවන්......
ඉතින් එදා ලියයි මමයි ගොඩාක් හිතවත් උනා..අපි හොඳ යාලුවො උනා..එයා මාව එක්ක ගියා ඒ ගෙවල් කිට්ටුව තිබුන සුපර්මාකට් එකකට පළතුරු ගේන්න..ඒ සුපර් එකේ අයිතිකාරය අවුරුදු 38 ක විතර, උස මහත පුද්ගලයෙක්..එක ඇහැක විකෘති පෙනුමක් වගෙත් තිබුන එයාගෙ..මෙයා 'කෙවින්',ඉදිරි මාස කීපය තුල ලියා මැරි කරන්න ඉන්න කෙනා කියල මට හඳුන් වල දුන්නෙ....
දෙයියෝ සාක්කි..!ඒක අහල මට පුදුම හිතුන..ඒ දෙන්න කොහෙත්ම ගැළපෙන්නෙ නම් නැහැ..ඒ ගෙදර පුංචි කුමාරියක් වගේ ඉන්න ලියා මේ දඩෝරියං මිනිහට කැමති උනේ කෝමද කියල මට පුදුම හිතුන..! ලියාට මගෙ හිත තේරිලාද මන්ද.......
''..ඔයා කෙවින්ට කැමති නැහැ..එහෙම නේද?..''
''..ම්ම්..නෑ එහෙම නෑ..''
''..මේ අහන්න..කෙවින් හරීම හොඳ කෙනෙක්..මට තාත්ත වගේ..අයිය වගේ..හොඳම බෝය්ෆ්‍රෙන්ඩ් කෙනෙක් එයා.. හොඳ හස්බන්ඩ් කෙනෙක් වගේ මාව බලා ගන්නව එයා..එයාට ගොඩාක් සල්ලි තියනව..අනික මම එයාලගෙ ගම්පලාතට පුදුම විදියට කැමතියි..ඔයා දැක්කොත් පිස්සු වේවි ඒ පැත්ත..!..''
''..මම එහෙම ගොඩාක් දේවල් හිතුවෙ නෑ ලියා..ඔයාල දෙන්නව මම දැක්ක විතරනෙ සොරි..!..''
''..හරි ඒකෙන් කමක් නැහැ..අපි අද කතා උනා දෙයක් දන්නවද? අපේ වෙඩින් එකේ ඔයා තමා මගෙ බ්‍රයිඩ්මේඩ්..''
ඊට මාස 3 කට විතර පස්සෙ අපි ආයෙමත් නැන්සිලාගෙ ගෙදර ගියෙ ලියාගෙ වෙඩින් එකට..ලස්සන කහ මල් ඇප්ලික් කරපු බටර් පාට ලියාගෙ වෙඩින් ගවුමත්,මගෙ මොනර නිල්පාට යාලුවගෙ ගවුමත් ලියාගෙ අතින්මලු හැදුවෙ තව යාලුවෙක් එක්ක එකතු වෙලා...කහපාට මල් පොකුරු දෙකක් අපි දෙන්නගෙම අත් වලට ලැබුන......
කෙවින් ලගෙ ඒ කියන්නෙ මනමාලයගෙ ගම එහෙ ඉඳන් කිලෝ මීටර් 200ක් විතර දුරක...ඒ ගමේ පල්ලියෙ එදා දවල් 11ට තිබුන මගුල් පූජාවට අපි යා යුතුව තිබුන..පල්ලියෙ කටයුතු වලින් පස්සෙ ඒ පලාතෙ ලස්සනම උද්‍යානයක් එක්ක තිබුන නිවාඩු නිකේතනයක තමා උත්සවය සූදානම් කරල තිබුනෙ...
මණමාලිව එක්ක එන්න කෙවින්ලගෙ පැත්තෙන් එවල තිබුන අලුත්ම දිලිසෙන තද නිල්පාට 'ජගුවර්' කාර් එකක්..ඒකෙ ඉස්සරහ නිල් රිබන් වලින් ගැට ගහපු ලොකු කහ මල් පොකුරක් ගහල තිබුන..දොරවල් දෙපැත්තෙත් කහ මල් කිනිති නිල් රිබන් වලින් ගැට ගහල.....
ඔන්න ඉතින් එදා පාන්දර 0730 විතර උදේට කාල බීල අපි ලියාලගෙ ගෙදරින් පල්ලියට යන්න පිටත් උනා...
අපි ඔක්කෝම හිටියෙ 20ක් විතර..ඉස්සරහින් කාර් එකක් යනව..ඊට පස්සෙන් අර මල් මල් ජගුවර් එකේ මමයි ලියායි..අපේ පිටි පස්සෙන් නැන්සි එයාගෙ හස්බන්ඩ්..එයාලගෙ පුතා අපේ අම්ම....ඊට පස්සෙ අනිත් කාර් ටික.....
අපි හයි වේ එකේ මිනිත්තු 20 විතර ගිහින් අතුරු පාරකට හැරුන කෙවින්ලගෙ ගම්පලාතට යන්න..එහෙම හැරිල මිනිත්තු 2 ක් වත් ගියෙ නැහැ එක පාරම ජගුවර් ගමන බාල කරල ගැස්සිලා නතර උනා පාර මැද්දෙ..ඔන්න කට්ටියම පාරෙ නතර වෙලා දැන්..පිරිමි කීපදෙනෙක් ජගුවර්ව තල්ලු කරන් ගියා පාර අයිනට..ඉස්සරහ බොනට් එකේ තිබ්බ අර විශාල මල් පොකුර කවුද ගෙනත් තිබ්බ මගෙ උකුල උඩින්...හප්පා දූවිලිත් එක්ක..! ඊට පස්සෙ මොනාද මොනාද කරල ඔන්න කාර් එක යාන්තම් ස්ටාට් උනා..ආයෙත් ලොකු මල් පොකුර මගෙ ඔඩොක්කුවෙන් ගියා බොනට් එක උඩට..! හ්ම්...දැන් ඔන්න අපි ඉදිරියට යනව............
අපි වෙඩින් එකට ලියා ලගෙ ගෙදරට ආපු වෙලේ සිට මේ දක්වාම මම දැක්කෙ නැහැ ලියාගෙයි,නැන්සිගෙයි අර එකම සහෝදරය මිශෙල්ව..කාටවත් ගානක් වත් නැහැ..ඒ උනාට මට කුතුහලේ..මේ යන ගමන්ම මම ලියාගෙ කනට කරල රහසින් ඇහුව...
''..හේයි..කෝ මිශෙල්? මම එයාව දැක්කෙ නැහැනෙ..''
''..ෂ්ෂ්.!..මේක රහසක් හරිද?.. එයා මුල ඉඳන්ම කෙවින්ට කැමති නැහැ..එයා කිව්ව මේ වෙඩින් එක වෙන්න බැහැ කියල..එහෙම උනොත් මගෙ වෙඩින් එක දාට එයා ගෙදරින් යනව කිව්ව..ඉතින් පෙරේද එයා ගියා..''
''..මොනවා? එයා කොහෙද ගියෙ?..''
''..එයා අසනීපයි කියල - - ප්‍රයිවට් ක්ලිනික් එකේ ඇඩ්මිට් වෙලා සතියකට..''
ඔන්න එතකොටම ජගුවර් ගැස්සිලා ගැස්සිලා ආයෙමත් නතර උනා පාර මැද්දෙ....
කලින් විදියටම මල්පොකුර ආව මගෙ උකුලට..කට්ටිය ඉස්සරහ ඇරගෙන හදනව..ඒ පාර පැය භාගයක් විතර ගියා..ස්ටාට් කර ගත්ත..මල්පොකුර ගියා උන්න තැනටම..
දැන් ඔන්න ආයෙමත් අපි ඉදිරියට යනව...ලියා මට කිව්ව කතාව ඇත්ත ඒ පලාත පුදුම ලස්සනයි..හුස්ම ගන්න සුළඟ පවා අමුතුම සුවඳක්..කඳු බෑවුම්..නිල්පාට වතුර..පාර දෙපැත්තෙම ඇපල් වතු..පෙයාර්ස් වතු..පීච් ගස් වලට පිස්සු හැදිල වගේ...පාර අයිනෙ දෙපැත්තෙම කැලෑ මල් පඳුරු වල පාට පාට පුන්චි මල් පිරීල...බැහැල ගිහින් අර මල් කිනිති ටිකක් කඩාගෙන දුවගෙන එන්න ඇත්නම් කියල හිතුන මට....!!
ඊට පස්සෙ අපි ඇතුල් උනේ ඈත දුර පේන තැනිතලා බිම් පෙදෙසකට..පාර දෙපැත්තෙම තිරිඟු යායවල්..විශාල එලවලු කොටු..ස්ට්‍රෝබෙරි ෆාම් වල රතු බල්බ්ස් දාල වගේ ගෙඩි පිරීලා...!!
වට පිටේ ලස්සන බල බල යනකොට ඔන්න එක පාරටම ආයෙමත් ජගුවර් නතර උනා...
මේ තුන් වෙනි වතාව..!! දැන් දවල් 11 ට ලඟයි..අපි තාම ගමනෙන් භාගයයි ගිහින් තිබුනෙ..දැන් නම් වෙලාවට පල්ලියට යනව තියා හිතන්නවත් බැහැ..ලියාගෙ මූණ මලගෙයක් වගේ..මටත් මල පනිනව අර ලොකු මල් පොකුර දූවිල්ලත් එක්ක උකුලට ගෙනත් තිබ්බාම..! ඔන්න කිව්ව වගේම මල්පොකුර ආව උකුලට ලියා ඒක ගත්ත ගමන් වීසිකලා වීදුරුවෙන් එලියට..!
කාර් එක නවතින එකට කේන්තිය එයා පිට කර ගත්තෙ එහෙම..හිනාව කාගෙන උන්නට මටත් ගමන නම් එපා වෙලා උන්නෙ..දන්න ශිල්ප ඔක්කොම දාල ට්‍රයි කලත් ඒ පාර නම් ජගුවර් හෙල්ලුනේ වත් නැහැ..ඔන්න මණමාලයගෙ පැත්තෙන් පණිවිඩයක් ආව මිකැනික් කෙනෙක් එක්ක ඉක්මනින් එනව කියල...අපි දැන් පාර අයිනට වෙලා බලන් ඉන්නවා........
ඔය අතරෙ මගෙ ඇස්දෙක ජිල්බෝල දෙකක් වගේ කැරකෙනව අර අල්ලපු වතු වල තියන රතුපාට අලි ස්ට්‍රෝබෙරි ගෙඩි දිහාවට..!! අපේ අම්මටත් වෙලාවකට දිවැස් පේනවනෙ..මා ගාවට කිට්ටු කරල කියපි..''මම දන්නව ඔයා හිතන දේ මගෙන් ගුටි කන්න එපා හොඳේ?..''
මදැයි කොලා..උදේ ඉඳන් පානුත් නැතුව කන මේ පරිප්පු මදිවට කාපල්ලකො ගුටිත්..!!
හ්ම්ම්ම්..ඉතින් මගෙ ස්ට්‍රෝබෙරි බඩගින්න දුකසේ ඉවසා දරාගෙන උන්න මම...
පැයකට විතර පස්සෙ මණමාලයගෙ පැත්තෙ කීපදෙනෙක් ආව මිකැනික් කෙනෙක් එක්ක...ටික වෙලාවක් බලල එයා කිව්ව ඒක එතන හදන්න බැහැ කියල..මට තේරුනේ නැහැ ඒ කිව්ව දේවල්....
ඉතින්..ජගුවර් ව එතන දාල අපි දෙන්නව වෙන කාර් එකක නග්ගවගෙන කට්ටිය පිටත් උනා පල්ලියට යද්දි දවල් 2 ට විතර ඇති..පල්ලිය ඇතුලෙ කටයුතු වෙද්දි මම උන්නෙ අසිහියෙන් වගේ මහන්සියට,බඩගින්නට මාව කැරකෙන්න ගත්ත..ඊට පස්සෙ අපි ගියා අර උත්සවය ලෑස්ති කරල තිබ්බ තැනට..දවල්ට කෑම කන්න ලෑස්ති වෙද්දි හවස 4 ට විතර ඇති..මම හාමත් වෙලා උන්නෙ..කාර් එකේ තිබ්බ කූල් ඩ්‍රින්ක් බෝතලෙත් නොතිබුනා නම් මග මැරිල මාව......
ඉතින් කවුරුත් මූණ කට සෝදගෙන සැනසුම් සුසුම් හෙලල වාඩි උනා කෑම කන්න..අපි කන්න පටන් ගත්ත විතරයි..වේගෙන් ආපු තව කාර් දෙකක් නතර කලා හොටෙල් මිදුලෙ..පිරිමි තුන් දෙනෙක් කඩිමුඩියෙ බැහැගෙන ඇවිත් නැන්සිවයි එයාගෙ හස්බන්ඩ් වයි පැත්තකට අරන් මොන මොනවද කිව්ව..නැන්සි එක පාරම කෑගහගෙන ඇදන් වැටුන එතන තිබ්බ ඩිවානෝ එක උඩට..!!
ලියා මේසෙන් නැගිටල දිව්ව එතෙන්ට.. මාත් එයාගෙ පස්සෙ දිව්ව..නැන්සිව වෙව්ලනවා..සෙනග වට උනා..ඔක්කොම එකට කතා කරනව..මට නම් මෙලෝ හසරක් තේරෙන්නෙ නැහැ...
''..අම්මෙ මොකද අම්මෙ මේ?..'' මම අම්මගෙ අතින් අල්ල ගත්ත...අම්ම මාව එක්ක ගිහින් ඉන්දෙව්ව පැත්තකින්..
''..මිෂෙල් මැරිල ලු..''
''..මොකක්? ඒ කෝමද?..''
''..අර ක්ලිනික් එකේදි..හාට් ඇටෑක් එකක්ලු එයාට..''
ඒ මොකෝ ඒ.. මේ වෙඩින් එකට අකමැති උන නිසාද? ඉතින් ඊට පස්සේ මොකද උනේ?
ReplyDeleteඑයාට හාට් ඇටෑක් තියන බව එයා දැනගෙනම වෙන්න ඇති එහෙම ක්ලිනික් එකක නතර උනේ..එයා කලේ දුශ්ඨ කමක් ඒක එයාටම දරා ගන්න බැරි වෙන්න ඇති..ඊට පස්සෙ අපි අවමගුලටත් ඉඳල ආපහු ආවෙ..
Deleteඑයා ලියාට ආදරෙන් හිටියා කියලයි මට හිතුනේ. අනෙක එයා එහෙම යන බව කීවා නම්, මගුල් ගෙදර අප්සෙට් යන හන්දා නොකීවද දන්නේ නෑනේ.
ReplyDeleteමටත් නොකා ඉන්ට නම් හරි අමාරුයි. කලන්තේ හැදෙනවා...:D
එයා ගෙදරින් ගිය බව එතන උන්න ගොඩ දෙනෙක් දන්නවලු..හැමෝම පස්සෙ කිව්වෙ එයා කලේ දුශ්ඨ කමක් කියල...
Deleteඑදා මම ආපහු ආවෙ කෝමද කියල මට මතක නෑ..වමනෙ ගියා ගමකට..යාන්තම් මතකයි කාර් එකක නිදන් එනව අම්මගෙ උකුලෙ..පස්සෙ උදේ ඇහැරුනේ අපි නතර වෙලා උන්න තැන..මම හිතුවෙ මම රෑ හීනයක් දැක්ක කියල...
අම්මෝ... ඒක නම් ජීවිතේටම අමතක නොවෙන අත්දැකීමක් තමා....
ReplyDeleteමට මේ කියාපුවා හැම එකක්ම මැවිලා පෙනුන... ඒ තරමට චිත්ත රූප මවාගන්න පුළුවන් විදියට කතාව ලියල තියෙනව ඔයා....
අර අයියා ගැන නම් මට පව් කියල හිතුනා.... එයා කළ වැඩේ එයාට දරාගන්න බැරි උනාද නැත්නම් නංගි එයා අකමැති කෙනෙක් කසාද බඳිනවට තරහෙ එහෙම උනාද දන්නෑ...
ඔයාත් පව් අනේ.... :D
පස්සෙ එහෙන් මෙහෙන් ආරංචියක් ආවා..මිෂෙල් අවිවාහකව උන්නෙ එයා ලියා ට ආදරේ කල නිසාලු...නැන්සි ඒක දැනගෙනලු කෙවින් එක්ක ලියාගෙ විවාහය ඉක්මනින් කරල දුන්නෙ....අනේ මන්ද..කෝම උනත් මිෂෙල් එදා මග ඇරල ගිය එකට ගොඩාක් දෙනෙක් දොස් කිව්ව......
Deleteසමහර ප්‍රශ්න ඔලුවෙ තදකරගෙන ඉන්නකොට ඔහොම වෙනව.මොනව උනත් පවු...
ReplyDeleteමල් ලස්සන ගස් වල තියනකොට...ඒව කඩාගත්තම එ ලස්සන නැතිවෙනව...මතක තියාගන්න.
ඕ..කේ සර්..!! මතක තියා ගත්ත..
Deleteමම නම් කිසිම ප්‍රශ්නයක් ඔලුවට ගන්නෙත් නැහැ..හිතට ගන්නෙත් නැහැ..:)
සමහර විට එයාට නංගි ඒවගේ කෙනෙක්ව බඳින එක දරාගන්න බැරිවෙන්න ඇති. කොහොමවුනත් දැන් කෙවිනුයි ලියායි සතුටින් ඉන්නවා ඇති නේද?
ReplyDeleteලියා එයාගෙ එක්කුසෙ උපන් නංගි නෙවේ...හ්ම්ම්..දෙන්න ඉන්නව හෙන ජොලියෙ..අවු:3 ට බබාල දෙන්නයි..!
Deleteමම මුලින්ම දෙවැනි මනමාලයට ගියපු වෙලේ කපල් එක එක්ක එනකොට ටවුන් එක මැද්දේ කාර් එක හිටියනේ....ටයි කෝට් දාලා අර මල එහෙමත් ගහගෙන ශෙඩ් එකට තල්ලු කරා කාර් එක අරූගේ පරම් පරාවටම පිං දිදී..ඒ මදිවට බාලිකා ඉස්කෝලේ ඉස්සරහ තමා වැඩේ උනෙත්.....
ReplyDeleteහී..හී....හොඳ වැඩේ..! බාලිකාවො ටික කිචි බිචි ගාන්න ඇති නේ? :):)
Deleteඒ මනුස්සයා දුෂ්ට කෙනෙක් කියල මට හිතෙන්නේ නැහැ
ReplyDeleteමම එහෙම කිව්වෙ මගෙ පැත්තෙන් හිතල..මට අයියල දෙන්නෙක් ඉන්නව..මගෙ හස්බන්ඩ් ට කැමති නැහැ කියල එයාල මගෙ වෙඩින් එක මග ඇරල ගියොත්?.:(
Deleteමට හිතුනෙම කෙටි කථාවක් කියවනවා කියලා..ඇත්ත කතාවක් නේද?
ReplyDeleteමිශෙල්ගේ හිතේ ලීසාට කැමැත්තක් තිබුනා වෙන්න බැරිද?
චින්චැට් කුරුල්ලා කියන්නෙ මොකෙක්ද?
ජීවිතය කියන්නෙ දිග කතාවක් ඇතුලෙ තියන කෙටි කතා ගොඩක්..!!
Deleteහ්ම්ම්...ඔව් එහෙමත් කතාවක් තිබුන..
ඔය උඩින් ඉන්න කුරුල්ල තමා 'වින්චැට් කුරුල්ල' කියන්නෙ..එයාල මෙහෙ ඉන්නව..
ඇත්තටම අමුතු කතාවක් තමයි, ඒත් මට නම් මැවිලා පේන්නෙම එක්කෙනෙක් අර අලි සයිස් ස්ට්‍රෝබෙරි ගෙඩි දිහා ඇස දෙක ලොකු කරන් බලන් ඉන්න විදිහ තමයි. අපට කොහෙද පූසෝ මාළු කිවුවලු :)
ReplyDeleteඇයි එහෙම කියන්නෙ දැන් ලංකාවෙත් ස්ට්‍රෝබෙරි තියනව ඕනෙ තරම් මම දැක්ක..මෙහෙත් අම්ම ගේනව නිතරම..ඒත් ඉතින් අර ගහකින් හොරෙන් ගෙඩියක් කඩන් කෑවාම ...? දන්නවනෙ..?
Deleteහරි කිවුවා වගේ මටත් දැනුනේ කෙටි කතාවක් වගේ. ඒත් ආවසනාවකට ඇත්ත කතාවක්.
ReplyDelete//මම දන්නව ඔයා හිතන දේ මගෙන් ගුටි කන්න එපා හොඳේ?..''// මේ කතාව තමා නියම කතාව.අම්මා නොදන්නවයි දුවගේ හැටි..
මම තව පාරක් යාලු මනමාලි උනා නෙ.. ඒක නම් ලස්සන ඒත් හිතන්න ඕන කතාවක්....ඒකත් ලියන්නම්කො ඉක්මනින්.....
Deleteඅපෝ අපේ අම්මද? එයාට දුවන්න බැහැ මා එක්ක...!!
ආ.. මාත් හිතන්නෙ මිශෙල්ගෙ හිතේ ලීසාට කැමැත්තක් තියෙන්න ඇති.. පවු ඉතිං..:(
ReplyDelete//ස්ට්‍රෝබෙරි ෆාම් වල රතු බල්බ්ස් දාල වගේ ගෙඩි පිරීලා...!!//
හෆ්ෆා මටත් මාර පෙරේතකම්ක් ආවා එහෙම වත්තකට පැනල ස්ට්‍රෝබරි කඩන් කන්න :( :( ඒත් අපිට කොහෙන්ද කිරිල්ලී ස්ට්‍රෝබරි කිව්වලු..:D
මරුවට ලියලා තියෙනවා.. මේක නිකන් අර පරිවර්තන පොතක කතාවක් ව්අගේ...
එදා අම්ම නොහිටියනම්,මම අර දිග ගවුමත් උස්සන් අර වත්තට පැනල.......හෆ්ෆා...දැනුත් මතක් වෙද්දි..........
Deleteබාධා වේවි ගියේ ඕකට තමයි එහෙනම්
ReplyDeleteබාධා වෙවී ගමන් යන්න හොඳ නැහැ..ඒක අසුභ ලකුනක් කියල පිට රට වල අයත් විශ්වාස කරන බව මම දැන ගත්තෙ එදා....එදා ඒ උන්න කට්ටිය ඔය බාධා වෙවී ගිය එකට ''අමුතුම වචනයක්'' කිව්වා මට දැන් ඒක මතක නැහැ.....
Deleteඒ වගේම තමයි මුනේ හිනාවක් නැති මිනිස්සු වියාපාරික ස්ථානයක ඉන්න ඒක මූසිල කමක් කියලත් යුරෝපියන් පවා කියනවා.බැලින්නම් අපි වගේමනේ හැමෝම.
Deleteහෙ.හේ ඔව්..ඔව් මෙයාලට ජොබ් එකක් දෙන්න සුදුසු කම් වගේම හිනාව කතාව මූණ එහෙම හොඳට සෝදිසියෙන් බලනවා........
Delete1.වාහනෙත් මග නැවතී නැවතී ගියේ ලොකු බාදකයක් තිබ්බ නිසා වෙන්න ඇති.
ReplyDelete2.ෆොටෝ එකේ ඉන්නේ ඔයා නෙමේ ෂුවර් එකටම මොකද ෆොටෝ එකේ ගර්ල්ගේ අතේ තියෙන්නේ සුදු මල් පොකුරක්.:D
3.ඔයා මොන රටේද ඉන්නේ?.
ඒ වාහනේ සර්විස් කරල හොඳට බලල තමා එතෙන්ට ගෙනාවෙ කියල එතන උන්න අය කිව්ව..පුදුම වැඩේ කියන්නෙ ඒකට ආපු ලෙඩේ මොකක්ද කියල මිකැනික් ට වත් හොයා ගන්න බැරි උනා....
ReplyDeleteපොටෝ එකේ ඉන්නෙ මම නෙවේ..හෙ.හේ......මගෙ ගවුම ඔය පාට උනාට මොණර පිහාටු අල්ලල තිබුනෙ නැහැ....
ම්ම්ම්ම්ම්...අපි ඉන්නෙ නම් රටවල් දෙකක් අතර....එකක් pizza වලටත් අනික චොක්ලට් වලටත් ප්‍රසිද්ද රටවල්......
ඒ කොහෙද අෆ්ෆා මං ඔය රටවල් ගැන දන්නේ නැහැ පීසා ගැනයි චොකලට් ගැනයි නම් දන්නවා :D
Deleteමිලානෝවලද එතකොට මෙයත් ඉන්නෙ?
Deleteනැතෝ....කි.මි.60ක් දුර අනිත් රටේ.....
Deletefilm එකක් වගේ,ඒ උනාට අක්කේ ස්ට්‍රෝබෙරි අබුල්නේ(අපි කාපුව එහෙමද දන්නේ නැ)
ReplyDelete-අපේ සෙට් එක-
ඔයාලට අහුවෙලා තියෙන්නෙ ඇඹුල් ඒවා..හොඳට ඉදුනු ගෙඩි නම් සුවඳයි..පැණි රසයි......දැන් නුවර එළියෙත් තියනවා රසම රස ස්ට්‍රෝබෙරි..''ලබුකැලේ'' තියනව ෆාම් එකක්..!!
Deleteහපොයි දෙයියනේ.. වෙලා තියෙන දෙයක්!
ReplyDeleteඇත්තටම බාධාවල් කියන ඒවලත් යම් තේරුමක් තියනව නේ?
Deleteෂාහ්, ෆිල්ම් එකක් බැලුව වගේ විස්තරේ කියෙව්වම. හැබැයි අවසානය දුකයි. කවුද දන්නේ අන්තිම දවස් ටිකේ මිෂෙල් ගේ හිතේ මොනවද වැඩකරේ කියල. එයාටත් එයාගෙම කියල කතාවක් තියෙන්න ඇති.
ReplyDeleteඔව්..මට දැන් මතක් උනේ...එදා ෆියුනරල් එක වෙලාවෙදි මිෂෙල් ගෙ ඥාති දුවෙක් 'ලියා' ට මහ හයියෙන් බැන්නා...''උඹ අපේ මාම ව මරල දැම්ම.'' කියල.......
Deleteඅපේ ජීවිත අපිට විතරක් අයිති නෑ!
ReplyDeleteඔව්..ඒ වගේම 'නොපෙනෙන හස්තයක්' අපිව පාලනය කරනවා......
Deleteමේ කතාව කියෝගෙන යනකොට තමා මට මතක් උනේ ඔය යාළු මනමාලියෝ කතාව !
ReplyDeleteඔහොම යාළු මනමාලියෝ ගන්නේ බැරි වෙලාවකදිවත් මනමාලිට හාට් ඇටෑක් එකක් වගේ හැදිලා නැති උනොත් ඊලඟට මනමාලයා බඳින්නේ යාළු මනමාලි ලූ. :)
එහෙම කතාවක් තිබුන අයියෙ ඉස්සර..ඒකනෙ මනමාලිගෙ නංගිව ගන්නෙ යාලුවට...ඒ වගේම අවිවාහක අයව විතරක් ගන්නෙ..මෙහෙ එහෙම සිරිත් නැහැ..මෙහෙ මැරි කරපු අයත් යාලුව විදියට ගන්නවා..
Deleteපව් මිෂෙල්ගෙ ජීවිතේ නැතිවුන එකනම්....ලියාටත් ගොඩාක් දුක හිතෙන්න ඇතිනේද? මිෂෙල් නැතිවුන එකත්, අනික මේක එයාගෙ වෙඩින් එක දවසෙම වුන නිසාත්...පවෙ ඒ දෙන්නම....
ReplyDeleteහෑ...ස්ටෝබෙරි කන්න වත්තට පනින්න නේද හදල තියෙන්නෙ...හොඳ වෙලාවට අම්ම උන්නෙ.මටත් ගොඩාක් වෙලාවට හම්බවෙලා තියෙන්නෙ ඇඹුල් ස්ටෝබෙරි...මම කරන්නෙ පන්න (ක්‍රීම්) වලට ස්ටෝබෙරි දාල සීනිත් දාල කනව.යම්..යම්...යම්...රසායි....
මට නම් ඇත්තටම අදහා ගන්න බැහැ එදා වෙච්ච දේවල්...මට හොටෙල් එකෙදි කැරකිල්ල හැදුන වමනෙ දැම්ම මතකයි..පස්සෙ කාර් එකේ නිදාගෙන එනව අතරින් පතර මතකයි..ලියාට වත් නැන්සිලාටවත් මොනා උනාද මට මතක නැහැ..පස්සෙ එයාලව දැක්කෙ ෆියුනරල් එක වෙලාවෙ..ලියා උන්නෙ ගොඩාක් දුකින් එතනදිත් එයා බැනුම් ඇහුවනෙ..ඉක්මනින් යන්න ගියා එයාගෙ මහත්තයත් එක්ක.....
Deleteඅම්ම නොහිටියා නම් අර වත්තට පැනල ස්ට්‍රොබෙරි ෆාම් එකටම වෙලා ඉන්නව මම ජගුවරයව හදන කම්ම.....
අපරාදෙ මිශෙල් හදිස්සි උනානෙ.එත් කතාව නියමටම විඳින්න නම් .මිශෙල් ගේ චරිත ලක්ශන ටිකක් කියන්නකෝ
ReplyDeleteමම එයාව දැකල තිබුනෙ එකම දවසයි...එයා ප්‍රියමනාප කෙනෙක්..නිහඬ පුද්ගලයෙක්...ඊට වඩා යමක් කියන්න තරම් මම එයාව අඳුනගෙන තිබුනෙ නැහැ...
Deleteවින්චැට්කිරිල්ලියේ, මාත් ආව ඔයාගේ කතා කියවන්න..
ReplyDeleteහෙල්ලො ෂානී....ඔයාව ආදරෙන් පිළිගන්නවා.. මට ගොඩාක් සතුටුයි ඔයා අළු පාට හැන්දෑවට ආපු එක ගැන....රකුසු කතාව නම් මුල ඉඳන් කියවන්න වේවි බබෝ තේරුම් ගන්න නම්...හෙ.හේ..ඒක නෙවේ අපි කලින් දන්න අය නේද..?
Deleteකලින් දන්න අය !!! වෙන්න බෑ... ඒ කොහොමද? කමක් නෑ.. ඊළඟ කතාව හරි මුල ඉඳං කියවනවා...
Deleteවෙන්න බැරි මොකෝ..ජේඩී ගෙන් අහන්නකො...ෂ්ෂ්..! කෑගන්න එපා හොඳේ?
Deleteඅම්මෝ අක්කෙ මේ වගේ කතාවක් මම ඇහුවමයි.....ෆිල්ම් එකක් වගේ.......
ReplyDeleteහෙ..හේ... ඔය ගමන ගැන මගදි උන දේවල් අඩුකරල ලිව්වෙ මම.....ඇත්තටම තව අතර මග එක එක සිදුවීම් කතාබහ ඇති උනා.......
Deleteඅවරුදු 20 කියලා තිබුනා 2010 ට.. එහෙනම් ඔයා 90 කියලා හිතුනා. ඒ කියන්නේ මගේ වයසෙමයි.
ReplyDeleteකෙනෙක්ට හාර්ට් අටෑක් එකක් එන්නේ හිතන වෙලාවට නෙමෙයිනේ. එයාට තද බල ලෙස ලියා ගේ වෙඩින් එක හිතට වදින්න ඇති.
ඒක නෙමෙයි රකුසු ගීතය පොස්ට් එක කියවන්න පුළුවන් උනාට කමෙන්ට් දාන්න බැරියෝ.
අහ්..ඔයත් මගෙ වයසෙද? මේක මහ නරකම වයස පරිස්සම් වෙන්න ඕනෙ හරිද?:D.. කොමෙන්ට්ස් දාන්න බැරි මොකෝ? අනේ මන්ද අර ගැමියා කෑගහනව සිංදුව පේන්නෙ නැහැ කියල....:)
Deleteමම හිතුවෙ මුලින්ම ඇත්තටම මේක සුරන්ගනා කතාවක් කියලා...ආයි හරියට කියෙව්වම තමා තේරුනෙ මේ චින්චැට් කිරිල්ලිට උන සිද්දියක් කියලා...මිශෙල් ලියාට කැමැත්තෙන් ඉන්න ඇති.එයාට ඒ අවස්තාවට මුණ දෙන්න බඇරි බව දන්න නිසා එයා හොස්පිටල් එකේ ඇඩ්මිට් උනත් එයා දුකෙන් කල්පනා කර කර ඉන්නකොට ඒක එයාට දරාගන්න බැරිවෙන්න ඇති...පව්...සන්සාරේ භවේ දුකා...
ReplyDeleteහ්ම්ම්ම්ම්..ඔව් එහෙම තමා....සංසාරේ භවේ දුකා..සම්බෝලයි බතුයි කකා..:):)
Deleteසමහර විට හොයල බැලුවනම් හරි මිෂෙල් මැරුණ වෙලාවේ ඉඳලද දන්නේ නෑ වාහනේ ලෙඩ දෙන්න ගත්තේ කියල., එක්කෝ ඒ වෙද්දී එයා දැඩි සත්කාරේ වත් ඉන්න ඇති.. මට එහෙම හිතෙනවා..
ReplyDeleteඔව්..ඔයා හරි එයා මැරිල තියෙන්නෙ දවල්...පල්ලියෙ වෙඩින් එකේ කටයුතු ඉවර වෙනකම් තමා එයාල කියන්නෙ නැතුව ඉඳල තියෙන්නෙ....
Deleteජීවිතේ මහ පුදුම දෙයක්
ReplyDelete