හප්පේ....දවස් ගානකට පස්සෙ අද තමා මම ලැප්ටොප් එක දිහා බැලුවෙ....ජනවාරි 9 වෙනිදා වෙනකම් අපිට නිවාඩුනෙ.....ඒත් මේ දවස් ටිකේ නම් එපා උනා කෑම හදලයි... කාලයි....මේස අස්කරලයි....පිඟන් හෝදලයි....ඇයි ගෙවල් අස්කරල..!! අපෝ........!!!!
ඉතින් ඔයාල බලාගෙන ඉන්න ඇති නේද 'රකුසු කතාවෙ' ඉතිරිය කියවන්න?..හ්ම්ම්.මම දන්නව....ඒත් මේ උත්සව දවස් වල..කවුරුත් සතුටින් ඉන්න ටිකේ මට හිතුන ඒ 'තිත්ත'කතාව අද නොකිය වෙන කතාවක් කියන්න...ටිකක් හිනාවෙන්නත් එක්ක..!!
මේ කතාවට මුල් උන සිදුවීම මට මතක් උනේ මීට සති දෙකකට කලින් 'අතීතයෙන් අහුලන මතකයන්' එක්ක 'දිල්' අක්ක ලිව්ව 'ලේසි නැති කජු කෑම' දැක්කට පස්සෙ...ඒත් යම් යම් තැන් අමතක නිසා ගලපල ලියා ගන්න අමාරු උනා..දැන් මේ දවස් වල මම ඉන්නෙ ගෙදරනෙ..ඔන්න අම්මගෙන් අහ ගත්ත මට අමතක තැන් එක්ක කතාව..!!!!!
අපේ ආත්තම්ම ටීචර් කෙනෙක්..ඉස්සර මම පුංචිම කාලෙ සමහර දාට එයා මාවත් එක්කගෙන යනව එයා උගන්වපු ඉස්කෝලෙට...ඒ ගියාම මාත් අර ලොකු ලමයි එක්ක ඉඳගෙන ආත්තම්මගෙ කට දිහා බලන් ඉන්නව..නැත් නම් ඩෙස්ක් වල බලි රූප අඳිනව..තව තව 'මැර' වැඩත් කලේ නැහැ කියන්නෙ නැහැ මම හොඳේ?
ඉතින්..ඔය ඉස්කෝලෙ මට ගොඩාක් ආදරෙන් උන්න පොඩි ලමයින්ගෙ පංතියක ටීචර් කෙනෙක් හිටිය...එයාට මම කිව්වෙ 'චිට්ට මිස්' කියල..(එයාගෙ නම චිත්රා) ..එයා මාව නිතරම එක්කගෙන ගියා එයාගෙ පංතියට..(මැර වැඩ නිසා ආත්තම්ම යැව්වද කියලත් සැකයක් තියනව දැන්)...කෝම හරි,,,, මං පුංචිකාලෙ ඉඳන්ම මේ දැනුත් පැණිරස කෑම කන්න ආස නැහැ..ඒ උනාට ''කජු අලුව'' කන්න නම් එදත් අදත් හරිම පෙරේතයි.........
ඔන්න ඉතින් මම මොකුත්ම පැණිරස කෑම කන්නෙ නැති නිසා චිට්ට මිස් දවසක් ඇහුවාම ඒ ඇයි කියල මම කිව්වලු මට ඕනෙ 'කජු අලුව' කියල....(අම්මල කියන්නෙ, මම ටීචර්ට කිව්වලු මට කජු අලුව ගෙනත් දෙන්න කියල...අයියෝ ලැජ්ජාවෙ බැහැ දැන් නම්)..ඉතින් දවසක් ඒ ටීචර් ඒව හදල ලොකු බිස්කට් ටින් එකක් පුරෝල ගෙනත් ආත්තම්ම අතේ මට එව්ව..එදා නම් අද වගේ මතකයි මට...ආත්තම්ම ගෙදර ආව ගමන් ඒක මගෙ අතට දුන්නෙ..''මෙන්න සුදු පුතාට චිට්ට මිස් කජුඅලුව හදල එවල..''
ඒක නිල්පාට ලොකු රවුම් බිස්කට් ටින් එකක්..හෙන බරයි මට...ගත්ත ගමන් ඒක හයියෙන් තද කරල බදාගෙන දිව්ව ආත්තම්මගෙ කාමරේට.මම නිදා ගත්තෙ ආත්තම්මගෙ කාමරේනෙ......
ඔන්න අම්මයි අයියල දෙන්නයි එනව අලුව එක බලන්න....මම මහා හයියෙන් විළාප දීල කෑගහල අඬන්න පටන් ගත්ත...!! මට හොඳටම මතකයි මම කෑගැහුවෙ මෙන්න මෙහෙම.....
'' එන්න එපා...එන්න එපා...දෙන්නෙ නෑ...මේව මගෙ..මට එව්වෙ..මම කනව..ඔක්කොම කන්නෙ මම...එන්න එපා..!!..''
මම යටිගිරියෙන් කෑගහ ගහ අඬන නිසා ආත්තම්ම අය්යලවයි අම්මවයි මගෙන් ඈත් කරල කිව්ව..''හා මගෙ පුතා බඩ පිරෙන්න කාල ඉතුරුවා අපි අය්යලට දෙමුකො..පව්නෙ පුතේ..''
'' නෑ මම දෙන්නෙ නෑ..මම ඔක්කොම කනව..''
ඔය අතරෙ ඔන්න අය්යල දෙන්න ජනේලෙන් හොරෙන් එබෙනව මම දැක්ක..ඊට පස්සෙ මගෙ මරලතෝනිය තව වැඩි උනා..පස්සෙ ආත්තම්ම ජනේල් වහල කාමරේ දොරත් වහල මට ඕන එකක් කර ගන්න ඇරල එලියට ගියා...දැන් ඔක්කොම එලියෙ මට ඇහෙනව සාලෙ කට්ටිය කතා කර කර ඉන්නව.....
ඉතින් ඔන්න තනිවම අලුව කෑමේ මහා තරඟය පටන් ගත්ත කියමුකො...පලමු කෑල්ල කෑව...දෙකත් කෑව..තුන් වෙනි එක බැහැ...දැන් මොකෝ කරන්නෙ? අනේ දැන් ඉතුරුව අර ගොල්ලො කාවිනෙ.........
ඇඳ ගාවම පොඩි මේසෙ උඩ ආත්තම්මගෙ වතුර බෝතලේ තියනව..දෙපාරක් හිතුවෙ නැහැ..ගත්ත වතුර බෝතලේ වැක්කෙරුව ඔක්කෝම අලුව ටින් එකට..!!
ටිකකින් ආත්තම්ම දොර ඇරන් ආවා ...''හපෝයි දෙවි හාමුදුරුවනේ....!!!! මේ මොකද මේ ලමය කරල තියෙන්නේ.....!!!!!!..''
ආත්තම්ම එද්දි මම වතුර දාගෙන අලුව අනනව අත් දෙකින්ම මඩ ගොඩක් වගේ..ඇඳ උඩ..කොට්ට වල... බිම...මගෙ මූණෙ ඇඟ පත පුරාම....මඩ නාල වගේ......!!
අම්ම දුවගෙන ආව සද්දෙට...!!
ඇදල ගත්ත මාව ඇඳෙන් බිමට...චටාස්..පටාස්..චටාස්.... පටාස්.....!! එදා නම් දුන්න පාර මට මදි නොකියන්න...අම්මට තරහා ගියාම එහෙමයි........
අලුවත් කාල බඩ පිරෙන්න ගුටිත් කාල අඬල අඬලම මට නින්ද ගියාලු............
ඒ දවස් වල අපේ ජනෙල් වල ග්රීල් නැහැ වීදුරුව ඇරගෙන එලියට අඩිය තියන්න පුලුවන්...ඉතින් අර ස්ටූල් කවරෙත් අරන්..ආත්තම්ම ගෙ මේස ලාච්චුවෙන් අලුත්ම සන්ලයිට් කෑල්ලකුත් අරන් මම ජනේලෙන් එලියට ගිහින් දැන් ඔන්න පීල්ලට අර රෙදි කෑල්ල අල්ලගෙන තෙම තෙම සබන් ගානව...ටික වෙලාවක් සබන් ගාද්දි මගෙ අත්දෙක පිරෙන්නම සබන් පෙන ගොඩායි..ලස්සනේ බැහැ බෝල බෝල...!!
මට දැන් හෙන ලෝභයි මේ බෝල බෝල සබන් පෙන ගොඩට..!! වතුරට ඇල්ලුවොත් හේදිලා යනවනෙ..දැන් මොකෝ කරන්නෙ...මම වට පිට බලල සබන් බෝල ටික ඔක්කෝම කෑවා...ආයෙමත් වතුරට අල්ලල සබන් ගෑවා ඔන්න අර වගේම පෙන බෝල බෝල..!! ඒවත් කෑව...ආයෙමත් සබන් ගාල ඒවත් කෑවා..!!
ඊට පස්සෙ යාන්තමට මතකයි මට මහා කැස්සක් හැදුන.....
සද්දෙට අම්මල දුවන් එද්දි මම වමනෙ කරන වලු බිම වැටිල.. එදා තාත්ත ගෙදර නැහැ..අම්ම මහ වැස්සෙම පාරට පැනල කාර් එකක් නවත්වල මාව හොස්පිටල් අරන් ගිහින් තියෙන්නෙ.......
ප: ලි: .....ඔන්න දැන් ඉතින් මම පෙරේතයි කියල කොමෙන්ට්ස් දානව හෙම නෙවේ කවුරුත් හරිද? එක පාරක් හරි කාල බලන්න සබන් පෙන..!!
හැක්... හිතුවක්කාර කෙල්ලෙක්.පුන්චි සංසන්දියේ අම්මලට හොඳට වද දෙන්න ඇති.
ReplyDelete"මහා වද කාර කෙල්ලෙක්" .අම්මා එහෙම කොච්චර දවස් කියල තියෙනවද?.
ReplyDeleteඅඩේ මමත් හෙනම පෙරෙතයි අලුව කන්ඩ...පොඩි කෙල්ල පොඩිකමට කොරල තියෙන වැඩ අම්මපා..පවු අර අයියල දෙන්නා..මේ කෙලිපොඩ්ඩ හින්දා කනක් ඇහිලා ඉන්ඩ නැතුව ඇති...අපො මටත් ඉන්නව ඔයවගේ වසවර්ති නංගියෙක්
ReplyDeletePerethiyek :D
ReplyDeleteකියවගෙන යනකොටම හිතට ආපු අදහසට ප.ලි.යෙන් වැටබැදල. මොනව කියන්නද මංදන්නෙ නෑ. මාතෘකාව දකිනකොටනං හිතුනෙ එලහරකයි මුද්දරප්පලනුයි වගේ.
ReplyDeleteකියන්න බැරිඋනා කෑගහන පූසා නියමෙට ගැලපෙනව.
ReplyDeleteආයෙ කියන්න දෙයක් නැහැනේ පෙරේතයි කියල කියෙව්වම තේරෙනවනේ..
ReplyDeleteදඟයි...ටිකයි...දිල්ට දෙවෙනි නෑ වගේ...සබන් රසයිද ?
ReplyDelete'ලැට් ටොක්' එකේ 'ටයික්' කොරන්ට එපා වෙන්නේ නැද්ද මයෙ මලයා? මටනං 'ඩැස් ටොක්' කී බෝටය තමයි හුරු. ලැට් ටොකේ කෙලින්ටනං මට 'මීයා' නැතුන් බැරුවා.
ReplyDeleteඅම්මෝ මේක විස කොඩියක්නේ. අම්මෝ අපේ තාත්තා ඉන්න තිබුනේ. එහෙනම් ගහක බැදලා දිමිගොටු දායී. අපේ අයියට දවසක් එහෙම කලා.
ReplyDeleteඅද වැඩ ගොඩයී අනේ. තනියම මහන්සියී හුගක්. ඉතිං කාලා ඉවර වෙලා මේක කියෙව්වේ මහන්සිය කොහේ ගියාද දැන්නෑ හිනා වෙලා. මෙච්චර දවස් නොදැක්ක නිසා මම ඒත් අහන්න හිටියේ අසනීපයක්වත් ද කියලා.
හෆ්ෆෝයි!! විසේ කාරියක්..හිතුවක්කරිවත් ද්ඟ කරන්නෙ නෑ ඔච්චර..;)
ReplyDeleteහික්ස්ස්.. සබන් රහයිද???:p
කස්ස....
ReplyDeleteහික්ස්....ගෙදරදි විතරයි අයියෙ..පිට තැන් වලදි මම හරිම හොඳ ලමයෙක්..!.
අයියලගෙ වචන වලින්..''පිට ට ගියාම නම් 'එක' දාගෙන එනවා..මෙතන අපිව කන හැටි දන්නෙ ඉතින් අපිනෙ..''
අසරණයා.....
ReplyDeleteහිසේ කෙස් ගානට වඩාත් ටිකක් වැඩිපුර වගේ.....!
Raj...
ReplyDeleteඅලුව කෑල්ල කජුත් එක්ක කටස් ගාල හැපෙන කොට මරු නේ අයියෙ?....මම නම් මේ ටිකේ කෑවා...අම්ම හැදුවනෙ....
දුෂාන්....
ReplyDeleteඅලුව වලට විතරයි ඔන්න ඈ...!
රාජ්....
ReplyDeleteමම පෙරේතයි නේ?..හී..හී....
කවුරු හරි මගෙ දේවල් ගන්න ආවොත් ඔන්න ඔය පූසගෙ වගේ තමා මගෙ මූණ.....!!!
cjgayan.......
ReplyDeleteහා..හා...පොඩි ලමයින්ට එහෙම කියන්න හොඳ නැහැ..!
දිල්.......
ReplyDeleteහික්ස්.....සබන් නියමයි..!!
ඔය වගේ ගොඩාක් කතා තව තියනව අනේ.....මට ලියන්න බැහැ...ලංකාවෙ අපේ අය දැක්කොත් අනිවාර්යයෙන්ම මේක ලියන මාව අඳුන ගන්නවනෙ.....මොන කිරිල්ලියෙක්ද මේකි මේ ''නෙ- - '' නෙ කියල...!
Wicharaka.......
ReplyDeleteවිචාරක මහත්මයා.....මම 'මලයෙක්' නෙවේ අවු: 21 මාස 2 ක් වයස 'නගෙක්'....!
බට්ටි.....
ReplyDeleteමම ගෙදර ඉන්නෙ බටිටී...නිවාඩුවට අම්ම එක්ක..මෙහෙ ගොඩාක් වැඩ මේ දවස් වල නත්තල් අවුරුදු නිසා..ගොඩාක් ස්තූතියි මා ගැන හිතුවට..අහ්.අපේ තාත්ත තමාලු මාව නරක් කරන්නෙ කියල අම්ම බනිනව ඉස්සර...!!
හිතුවක්කාරි...
ReplyDeleteරසාආආයි.....කාල බලන්නකො..!!
හපෝයි මෙහෙමත් වස කෙල්ලෝ... අම්ම හොඳට දීල තියෙනවා... නියමයි.
ReplyDeleteපැණි දොඩම්.....
ReplyDeleteඔයාට සබන් බෝල කන්න බැරි එක ගැන ඊරිසියාව නේද?
මාත් කාල තියෙනවා සබන්.. හිකිස්...
ReplyDeleteමමත් පුංචි දවස් වල ඉඳලම පැණිරස කෑම වලට ආස නෑ.. අදටත් චොක්ලට් ,අයිස් ක්රීම් එහෙම පේන්න බෑ.. ඒ උනාට මොකෝ මට කස්ටිය කියන්නේ අයිස්.. හි හි...
පෙරේත හිතුවක්කාර දඟ කෙල්ලෙක් නේ විංචැට් නංගි !!!!
ReplyDeleteතාමත් ආසද අළුවා කන්න ? මම නම් ඉස්සර උදේට නැගිටින්නෙත් අළුවා කා ගත්ත ගමන්. :)
හපෝ හරිම පෙරේතියෙක්නේ..තාමත් එහෙමද...අර පූසා නං...එක්කෝ ඕනේ නෑ....සබං පෙන වලට බඩ බුරුල් වෙනවාලු....හික් හික් හික් .....
ReplyDeleteIce (අයේෂා කුලතුංග)......
ReplyDeleteමාත් කන්නෙ නැහැ අයිස් ක්රීම්,චොක්ලට්ස්,පැණි රස ජාති දකින කොටත් මගෙ ඔලුව කකියනව වගේ.....ඒ උනාට කජුඅලුව නම්....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...
මධුරංග.....
ReplyDelete........''මම නම් ඉස්සර උදේට නැගිටින්නෙත් අළුවා කා ගත්ත ගමන්. :)''....
චිකේයියාආආ.......!!!
ඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteහී.හී.......ඔයා ''කාත්'' කාල පස්සෙ බඩ බුරුල් වෙන්න සබන්පෙන කනවලු නේද??
මම නම් ඉස්සර වගේම තමා....වෙනසකට තියෙන්නෙ සබන් පෙන කන්නෙ නැහැ පෙනවල බැහැගෙන ඉන්නව නින්ද යනකම් වගේ......
@ මට ඉන්නේ අක්කල තුන් දෙනෙක්නේ
ReplyDeleteමටත් හුරතල් නංගියෙක් උන්නානම් කියල හිතිච්ච වෙලාවලුත් තිබුනා ඉස්සර
ඒත් ඉතින් මේ වගේ බඩ්ඩක්නම් ටිකක් හිතල බලන්න වෙනවා :))
සබන් කෑල්ලෙන් පටන් ගත්තු එකීට මගේ ඔළුව කන එක කජ්ජක් වෙන එකක් නැහැනේ... හික් හික්
පව් අර අයියල දෙන්නා
මමනම් ආස රුලං අලුවා වලට
ලොකු පුතා.....
ReplyDeleteඑහෙම කියන්න එපා ලොකු පුතා.....දැන් බලන්න..අය්යල දෙන්න ගෙ ඔක්කෝම වැඩ මමනෙ කරන්නෙ වැඩකාරි වගේ....ඇඳුම් හෝදල අයන් කරල...සුපර් මාකට් ගිහින් බඩු ගෙනත් රසට කෑම හදල දීල...එයාලගෙ කසළ ගොඩවල් වගේ කාමර අස්කරල....ඉතින් බලන්න ඕවා කරල දීල ටිකක් ඔලුව කෑවත් කමක් නෑනෙ....!!
ගෙදර කවුරුත් ඔයාට අදාරේට කිව්වෙ දගමල්ල" කියල නේද????අපි ලන්කාවෙ සබන් බෝල ටිකක් හදල එවන්නද?තාමත් මතක් කරනකොට කටට........ උනනව ඇතිනේ.....හි ..හි ..හි(විහිලුවට හොදේ..)
ReplyDeleteතරහ ගියහම මොනවගේද කියල අර පින්තූරෙ දැක්කම තේරෙනවා. පෙරේතයි කියන්න බෑ මල පෙරේතයි....
ReplyDeleteසෙවණැල්ල.........
ReplyDeleteමට ගෙදර අයයි නෑයොයි නම් ගොඩාක් දාල තියනව අනේ...ඒව ඉතින් මේකෙ ලියන්න බැහැනෙ....මේල් එකකින් කියන්නම් හොඳේ?..සබන් බෝල මරු ආ..දැන් බාත් එකේ ඉන්න වෙලාවට ශැම්පුපෙන කන්නත් හිතෙනව වෙලාවකට...හික්ස්..!!
Shaggy......
ReplyDeleteඤාව්ව්ව්...!!
කජු අලුව කකාම මේ පෝස්ට් එක කියෙව්වා. හරිම රසයි. ම්ම්ම්ම්ම්ම්ම්.
ReplyDeleteකජු අලුව කකාම මේ පෝස්ට් එක කියෙව්වා. හරිම රසයි. ම්ම්ම්ම්ම්ම්ම්.
ReplyDeleteකජු අලුව කකාම මේ පෝස්ට් එක කියෙව්වා. හරිම රසයි. ම්ම්ම්ම්ම්ම්ම්.
ReplyDelete