අළු පාට හැන්දෑව 13..
හිම වැහි වැටුන සීත කාලෙ ඉවර වෙලා වසන්ත කාලෙ උදාවෙමින් තිබුන...හැම ගහක වැලකම අතු වැහෙන්න මල් පිරීලා...පාට පාට රෝස ගස් වලට පිස්සු හැදිල වගේ...ඇපල් මල් වල..දොඩම් මල් වල සුවඳ හැම තැනම...සීත කබාවලින්..දිග ලෝගු වලින් එලියට ඇවිත් හැමෝම සතුටින්...ලස්සන, පාට සැහැල්ලු ඇඳුම් ඇඳන් හැමෝම එලියෙ ඇවිද්ද....පාරවල..සාප්පු වල..උද්‍යාන වල..මිනිස්සු පිරිලා....ගොඩාක් දෙනෙක් වේවැල් කූඩ වල කෑම පළතුරු දාගෙන පික්නික් යනවා..ගංඟා වල්..වැව් ඉවුරු හොයාගෙන යනව දවස ගත කරන්න...බිලීපිති එක්ක මාලු අල්ලන්න............
අපිත් එහෙමයි නිවාඩු ලැබුන හැම මොහොතකම අපි එලියෙ ඇවිද්ද..ගෙදර ගියා අම්ම එක්ක ඇවිදින්න..නැත්නම් අම්ම මෙහෙ ආව අපි එක්ක ඉන්න...අපි නොගියපු තැනක් නැති තරම්...මගෙ ජීවිතේ ගෙවුනෙ කිරිල්ලියක් වගේ..ඒත් මේ වෙද්දි මමවත් බලපොරොත්තු නොවුන විදියට මාව වෙනස් වෙමින් තිබුන........
නිවාඩු දින වලට කාටත් කලින් ගමන් යන්න ඉස්සර වෙන මම....නිදාගෙන ඉන්න අය්යලාට වද දෙන මම...සාප්පු ගානෙ සුපර් මාකට් ගානෙ ගිහින් ඕන එපා හැම දේම උස්සගෙන එන මම....ඇඳුම්,ආභරණ,සපත්තු එක්ක ගොඩාක් කාලෙ නාස්ති කරපු මම...ගෙදර අනිත් අය කන්වල ඇඟිලි ගහ ගෙන බලන් ඉන්නකොට ගේ දෙවනත් වෙන්න සෙලින් ඩියොන් ගෙ සින්දු දාගෙන නටපු මම...අපේ ගෙදර කවුරුවත්ම නොහිතපු විදියට වෙනස් වෙමින් උන්න...
මම මගේ කාමරේම හිර කාරියෙක් වගේ උනා මගේම කැමැත්තෙන්.............!!
වෙනදා ඔෆිස් වෙලාවෙන් පස්සෙ මම මගෙ යාලුවත් එක්ක අපි ටිකක් එලියෙ ඇවිද්ද..වින්ඩෝ ශොපින් ගියා..කොෆී ශොප් එකක..අයිස්ක්‍රීම් ශොප් එකක කතා කර කර කාලෙ ගෙවල දැම්ම...එත් මේ වෙද්දි ඒ ඔක්කොම නතර කලා මම...ගමන් යන්න සති අන්තය වෙනකම් ඉවසිල්ලක් නැතුව උන්න මම නොගිහින්ම බැරි කමට සෙනසුරාද උදේ සුපර් මාර්කට් එකට විතරක් මගෙ ගමන් සීමා කලා...අය්යල බල කරද්දිත් එයාලට යන්න ඇරල මම ගෙදර තනි උනා....අම්ම ආව හැම දවසකම එයාට මාව මහා පුදුමයක් උනා වගේ....මම නිදහසට කරුණු මවා පෑවා................
''...අනේ මට මහන්සී..ඒ ඉස්සරනේ... දැන් මට වැඩ වැඩී..මගෙ ඇඳුම් අල්මාරි අවුල් ඒව අස්කරන්න ඕනෙ..මගෙ කාමරේ පිළිවෙලක් නැහැ ඒක වෙනස් කරන්න ඕනෙ...හැමදාම ඇවිදල දැන් එපා වෙලා..මා ගාව ලස්සන ෆිල්ම්ස් ටිකක් තියනව ඒවා බලන්න ඕනෙ...එලියෙ සද්දෙ වැඩී මගෙ මගෙ ඔලුව රිදෙන්න ගන්නවා...අය්යලාටත් එයාලගෙ ප්‍රයිවට් ලයිෆ් එකක් තියනව නේද? යන හැම තැනම මාව එක්ක යන්න පුලුවන්ද අතේ එල්ලගෙන බබෙක් වගේ?..එයාලගෙ සමහර යාලුවො මගෙ දිහා කන්න වගේ බලනව මම කැමති නැහැ එයාලට..!......ඔන්න ඕව තමා මම නිදහසට කිව්වෙ........!!.
ඒත් මම මේ ඔක්කොම කලෙ රාජ් නිසා...එයා හැමදාම ඉන්නෙ එයාගෙ කාමරේට වෙල දුකින්....!!
''..නංගි ඔයාල හෙට ඇවිදින්න යනවද..?''
''..ම්ම්ම්ම්..ඔව් ඇයි..?''
''..නැහැ නිකම්..අම්මල කොහෙද ගිහින්..මම තනියම ගෙදර..එන්නෙ අනිද්දලු..''
හ්ම්ම්..එදාට මම මගෙ ඔක්කොම ගමන් නවත්වනවා එයා එක්ක නෙට් එකේ ඉන්න කාමරේට වෙලා......
''..නංගි හෙට ඔයා ඔෆිස් එකේ නේද..?''
''..ඔව් ටිකක් වැඩ වැඩී මේ දවස් වල..''
''..මට අසනීප උනා මම ගෙදර ආව දැන්..''
එහෙම දවස් වලට මගෙ වැඩ උඩින් මත්තෙන් කරල මම ගෙදර දුවන් එනව.....ගොඩාක් දවස් වලට එයා අසනීපෙන් ගෙදර අය ගමන් ගිහින් එයාට කන්න වත් නැහැ...කඩෙන් කෑම එකක් කාල ආව කියනව..නැත් නම් කෑම එකක් අරන් ආව කියනව...නැත් නම් බඩගිනි නැහැ කිරි එකක් හදන් බිව්ව කියනව..සමහර දාට මගෙ බලකිරීමට එයා කෑම ගෙන්ව ගන්නව......''අන්න ගේට් එකේ බෙල් එක වැදුන මගෙ පිට්ස එක ගෙනත්..ඉන්න මම ඒක අරන් එන්නම්..'' කියනව එයා...!!
''..ඇයි නංගි ඔයා මට මේ තරම් සලකන්නෙ? මාව බලාගන්නෙ..? කිසිම කෙනෙක් ඔයා තරම් මා ගැන හොයා බලන්නෙ නැහැ නංගි..මගෙ අම්මවත් මට සලකන්නෙ නැහැ ඔයා වගේ..මට ඔයා විතරයි ඉන්නෙ..''
''..ඉතින් දුක් වෙන්නෙ නැතුව ඉන්න අයියෙ.. මම ඉන්නවනෙ ඔයාට..මට කියන්න හැම දෙයක්ම..මම මට පුලුවන් විදියට ඔයාව බලන්නම්..''
''..අනේ ඔහොම කියන්න එපා නංගියො..මට අඬන්න බැහැ මේ තරම්..''
අපි අතර ඇති උන මේ වගේ කතා සිදුවීම් නිසා මම තව තවත් එයාට බැඳුන..නෑ..නෑ මාව බන්ඳ ගත්තා....!!!
අපි ගෙදර රෑ කෑමට විතරයි එකට වාඩි උනේ...මේ හැමදාකටම වගේ අපිට මාතෘකාවක් තිබ්බ කතා කරන්න..එහෙම නැති උනත් මට පොඩි අයිය එක්ක වාදයක් හරි තිබුනා..ඒ කාලෙ වෙද්දි මගෙ කතා පෙට්ටිය සම්පූර්ණයෙන්ම වැහිල ගියා..!!
''..මොකෝ ඔයා ගොලුවෙලාද..? මොකද වෙලා තියෙන්නෙ..?''
ලොකු අයිය සැර දානකොට පොඩි අයිය මාව හිනැස්සුව...!
''..අනේ ප්ලීස් වඳින්නම්..ඔහොමම වෙන්න..! අපිට බීරො වෙන්න දෙන්න එපා පව්නෙ..!.''
එදා රෑත් සුපුරුදු පරිදි අපි ගූග්ල් ටෝක් එකේ ඉඳල නින්දට යන්න වෙන් උනා....මම මගෙ ඇඳේ...මගෙ පෝන් එකට පණිවිඩයක් ආව..රාජ්ගෙන්..!
''..නංගි මට නින්ද යන්නෙ නැහැ..මට ඔයාගෙන් මේක අහන්නම ඕනෙ..මට ඇත්ත කියන්න...''
''..මොකක්ද අහන්න මම කියන්නම්..''
''..ඔයා මට ආදරෙයි නේද..?''
දෙපාරක් හිතන්න උවමනාවක් තිබුනෙ නැහැ මට...මුලු ලෝකෙටම පේන්න මේකෙ ලියන්න ලැජ්ජා වෙන්නත් නැහැ මම...මම එයාට ආදරේ කරමින් උන්න.....
''..ඔව් මම ආදරෙයි ඔයාට ගොඩාක් ආදරෙයි..''
''..මාව කවදාවත් දාල යන්නෙ නැහැ නේද නංගි ඔයා..?''
''..නැහැ..මම දාල යන්නෙ නැහැ කවදාවත්..සත්තයි..''
''..මාත් ඔයාට ගොඩාක් ආදරෙයි නංගියො..මට ඔයාව ඕනෙ..මට ඉන්නෙ ඔයා විතරයි..මාව දාල යන්න එපා..''
ඔය විදියට එස් එම් එස් පණිවිඩ මහා ගොඩක් එහාට මෙහාට ගියා..මගේ ජීවිතේට උදා උන ඒ අප්‍රසන්නම මූසළ රාත්‍රියේ.....!!!!!!
හ්ම්ම්...
ReplyDeleteකතාවේ අවසානය යම් පමණකින් දන්නා නිසා මේ ආදර කතාවට සුබ පතන්න බැහැ...
දැන් කාලේ මිනිස්සු මොනතරම් රඟපානවද කියල හිතා ගන්නවත් බැහැ.
හරියට නිකම් හින්දි ෆිල්ම් එකක් වගේ.මොනා වුනත් එයා ඔයාව ලස්සනට අල්ලගෙන තියනවා...........මට එක ප්‍රශ්නයක් ඔයාගෙන් අහන්න තියනවා චින්චැට් ,ඔයාට ඔය වෙනකොට ටිකක්වත් ඔය මිනිහා ගැන සැකයක් ආවේ නැද්ද????
ReplyDeleteඊලග කතාව දානකම් දවස් ගානක් බලාගන හිටියා අක්ක. කොහොම හරි දැන් රාජ් එයට ඕනි දේ කිව්වා නේද? මම ඇත්තටම කියනවනම් අක්ක ඔයා එතැනදී ටිකක් මෝඩයි. Internet එකෙන් දැන ගන්න යාලුවෙක් තමන්ගේ Life එකට ලං කර ගන්නවානම් මිට වඩා හිතන්න ඕනි.මොකද එහා පැත්තේ ඉන්න එක්කනා මොන වගේද කියල කියන්න බැ නේ . මුනට මුණ හම්බවෙලා කතා කරත් එයාව අදුරගන්න ගොඩක් කල් යනවා ඉතින් කොහොමද internet එකන් හම්බ වන friends ල ගැන ඕනිවට වඩා විස්වාස කරන්නේ.
ReplyDeleteසෙවණැල්ල.....
ReplyDeleteනැහැ..මට ඒ දවස් වල සැකයක් හිතුන නම් හිතුනෙ එයා තාමත් අනුත්තරා එක්ක යම් යම් සම්බන්ධකම් තිබුන කියල මට දැනුන වෙලාවල් වල විතරයි..ඒත් එයා දිවුරල කිව්ව එහෙම දෙයක් නැහැ කියල..මම එයාව විශ්වාස කලා........
ලොකු පුතා.....
ReplyDeleteඅනේ එපා සුභ පතන්න ඒක මරණයක්.....ආදරයක් නෙවේ....!
මට තාම හරි හැටි මොකද්ද උනේ කියලා හිතා ගන්න බෑ. ඔයාට රාජ් ආදරෙයි කියලා කියපු එකද මූසල වැඩේ ?
ReplyDelete"වින්ඩෝ ශොපින් ගියා"
වින්ඩෝ ෂොපින් කියලා කියන්නේ මොනවද ?
ඒ වෙලාවෙ ඇතිවෙච්ච සතුට,ආදරේ එක්ක, ඒ ගැන එදා රෑම විස්තර කරන්න කිවුව නම් ඒක ගොඩක් සුන්දර විදියට විස්තර වෙයි.හැබැ අද වෙනකොට ඒක මූසල රාත්‍රියක් වෙලා.කාලෙකදි අපි ගොඩක් සුන්දරයි කියල හිතන දේවල් තවත් කාලෙකදි මූසල වෙන විදිය හරිම පුදුමයි.ජීවිතේ හැටි.මේ කතාවෙ ටිකක් හුරු පුරුදු ගතියක් පේනව.දිගටම ලියන්න.
ReplyDeleteඅපි ගන්න සමහර තීරණ අපේ ජීවිතය අපි හිටපු තත්වයෙනුත් පහලට ඇදලා දමනබව අපිට යන්තම් හරි හිතෙනවානම් කොච්චර හොඳද?
ReplyDeleteකියලා මට වෙලාවකට හිතෙනවා.
මධුරංග......
ReplyDeleteඅප්‍රසන්න මූසළ රැයක් කිව්වෙ.....මම රැවටුන තරමට එදා දවස මතක් වෙද්දිත් මට අප්‍රිය නිසා....
''වින්ඩෝ ශොපින්'' කියන්නෙ අයියෙ මෙහෙමයි.......මෙහෙ ලොකු සාප්පු වල ඉස්සරහ අර ප්ලාස්ටික් කෙල්ලන්ට ලස්සන ඇඳුම් අන්දවල ඒවල මිල දාල තියනවනෙ...ඒ වගේම සාප්පුව ඇතුලෙ තියන වටින ඇඳුම් පැළදුම්..සපත්තු..හෑන්ඩ් බෑග්ස්..බෙල්ට්ස්..ඒ වගේම පර්ෆියුම් වගේ දේවල් එලියට පේන්න ඒ වීදුරුවට එහායින් තියල මිල දාල තියනවා...සමහර දවස් වලට සාප්පු වහල උනත්,අපිට ඇවිදගෙන යන ගමන් ඒව බලල..මිල ගනන් දැන ගන්න පුලුවන්...
ඉතින් අපි සමහර දාට විනෝදෙට ඕව බල බල යනව..ඒකට කියන්නෙ ''වින්ඩෝ ශොපින්'' කියල....එහෙම ගමනකින් විනෝදයක් වගේම පොඩි වාසියකුත් තියනව......
කස්ස......
ReplyDeleteඔව්..ඔයා හරි.......ඒ වෙලාවෙ මට දැනුන පුදුම සතුටක්..ඒත් ඒක දැන් මතක් කරන්න වත් මතක් වෙනවට වත් මම කැමති නැහැ......
Roshan Herath ......
ReplyDeleteමම ජීවිතයට ගත්ත එකම වැරදි තීරනය ඕක....එක අත්දැකීමක් විතරයි කියල හිතා ගත්ත...
Thilan........
ReplyDeleteඅපි ජීවිත කාලෙදි එකක් හෝ ගොඩාක් මෝඩ කම් කරනව මල්ලි....මම කරපු එකම මෝඩ කම මේ වගේ කෙනෙක්ව විශ්වාස කරපු එක....ඒක මගෙ මෝඩ කමට වඩා මගෙ හිත හොඳ වැඩිකම..අවංක කම......ඊටත් වඩා හොඳම පළපුරුදු උපතින්ම කපටිකමට ඇබ්බැහි උන ''මොළ කාරයෙකුගෙ'' දක්ශ කම....!!
නංගී මගෙත් පපුව රිදෙනවා මේවා බලලා...හප්පේ....ඉන්න මගෙත් පිට්සා එක ඇවිල්ලද කොහෙද එකෙක් දොරට ගහනවා බලලා එන්නං......ඩ්‍රයිවරයට කොච්චර කිව්වත් අහන්නේ නෑ මගේ ස්පෝටි බීඑම්ඩබ්ලිව් එක හෝදලා නෑ....
ReplyDeleteඔබ නොදුටු ලොවක්.....
ReplyDeleteමොකෝ අයියෙ ඔයාගෙ හාර්ට් එකෙත් සෙමද? පිට්ස කාරයො දොරට ගහන්නෙ ඇයි ඔයාලගෙ ගෙදරට ලොකු කලු ගේට්ටුවක් දාල නැද්ද?....සික්.. ඔය ඩ්‍රයිවර් ගෙන් වැඩක් නැහැ බොරුවට පඩි ගෙවන්නෙ ඔයා..අස්කරල දාන්න...
මමත් දැනටත් ඔයා වගේ. මොන දේ වුනත් මගේ රටාව අදටත් මන් වෙනස් කරලා නෑ. ඉස්සර ගෙදරදී ටීවී එකේ කතාවක් පටන් ගන්න යද්දී යන සිංදුවත් ගේ දෙදරන්න සද්දෙට දාගෙන මාත් නටනවා. දගදර හැමෝම කණ්දෙකේ ඇගිලි ගහගන්නවා. හැබැයි ඇස් ඇරගෙන නටනවා බලන් ඉන්නවා. ඒ ඇතිනේ.
ReplyDeleteඅපරාදේ ඔයා ඔයාගේ ජීවන රටාව මාරැ කර එක නම්. එහෙම පිස්සු කරන කාලේ හාත මාරම සැහැල්ලුයී නේද?
මම නොදැනගෙන උන්නු දෙයක් දැනගත්තා. මෙහේ නම් ඉතින් ඔය විදිහේ ඒවා අඩුයි. නැද්ද කොහේද.
ReplyDeleteසීතලේ ජර්සියක් දාගෙන අයිස් කැප් හිටන් දාගෙන ඔහොම ඇවිද ඇවිද ගිහින් වින්ඩෝ ෂොපින් කරලා අන්තිමේදි උනු උනු කෝපි එකක් බොන්න තියෙනවනම් කියලා හිතුනා....
මරු ෆන් ගමනක් වෙයි ඒක.
බලාගෙන ගියහම ජීවිතේ සතුට විඳින්න සල්ලි ගොඩක් ඕන නෑ නෙව. :)
හෙම්.....ජිවත්කරන..මැරි..මැරි..උපද්දවන...හිත්..හිරකරන...
ReplyDelete.හිත් සනසන..අකුරු හතර..ආ..ද...ර..ය.....
මටනම් එන්නෙ එයා එක්ක තරහක් හෆ්ෆා.. මෙහෙම මිනිස්සුන්ව රවට්ටන්න පුළුවන්ද?? චික්...:/
ReplyDeleteබට්ටි.....
ReplyDeleteමගෙ හිතේ අනුන් ගැන තිබුන අනුකම්පාව..කරුණාව...ආදරය..නිසයි මට ඒ ජීවිතේ වෙනස් කරන්න හිතුනෙ..පාඩමක් ඉගෙන ගත්ත මම බට්ටි...!
මධුරංග.......
ReplyDeleteජීවිතේ සතුට තියෙන්නෙ සල්ලි මත කියල හිතන මිනිස්සු තමා අද ගොඩක් ඉන්නෙ අයියෙ.....එහෙම හිතන මිනිස්සුන්ට සල්ලි නැත්නම් සදහටම ඉන්නෙ දුකින්...එයාල බල්ලො මරල හරි සල්ලි හොයන්නම පෙළඹෙනවා.....
මට කවුරු හරි දියමන්ති පෙන්ඩෙන්ට් එකක් ගෙනත් දෙනවට වඩා, කියන්න බැරි තරම් සතුටක් ලැබෙනව කවුරු හරි පුංචි පූස් පැටියෙක් ගෙනත් දුන්නොත්...!
Raj.....
ReplyDeleteහ්ම්ම්ම්ම්......මේක ආදරය නෙවේ.ආදරයට ගරහන වංචාව......!
හිතුවක්කාරි.........
ReplyDeleteමම මෙහෙ උන්න නිසා බේරුනා....
වෙනදා වගේම මම ඔයාට අදත් දොස් කියන්නේ නෑ, ඔයා පව්.
ReplyDeletesamadhi.......
ReplyDeleteමම ගොඩාක් පිං එකතු කර ගත්තා සමාදි...පව් එයාට...යක්ශයින්ට බැහැ සුරංඟනාවියො බැඳ ගන්න......උන්ට හිමි සදාකල් මිහිපිට අපාය....!!!!!!!.
පිස්සා පලාමල්ල said.........................
ReplyDelete.............
අනේ අයියෙ සමාවෙන්න ඔයාගෙ කොමෙන්ට් එක මගෙ අතින් ඩිලිට් උනා..........
ඔයා අහල තිබුනනෙ මේ මිනිහ කවුද කියල අවසානෙදිවත් කියනවද කියල?..ඔව් අයියෙ..අනිවාර්යයෙන්ම කියනවා..නම්..ගම්..වාසගම් විතරක් නෙවේ,පින්තූරත් එක්කම...................!!
මට තේරෙන්නේ නැහැ ඇයි මුසල රයක් කියන්නේ කියල
ReplyDeleteඅසරණයා.........
ReplyDeleteඑදා ඒ දවස වත්, ඒ රැය වත්, ආයෙ මතක් වෙනවටවත් මම කැමති නැහැ....... මම රකුසෙකුට ආදරෙයි කිව්ව මූසල රෑ ඒක...!
වින්චැට්කිරිල්ලි: ඔව්, ඒක මම දන්නවා. අපිට කරන්න පුලුවන් යක්කුන්ට එහෙමම ඉන්න ඇරලා අපි ඈත් වෙන එක. කිව්වට සමහර වෙලාවට පරන මතකය අවදි වෙනවා නේද? මමත් කාලයක් යකෙකුට උදව් කලා අපායෙන් එන්න. එයා අවා, මගේ තාත්තගෙත් උදව් ඇතිව. ආවට පස්සෙ මම කියලා කෙනෙක් ඉන්නවද දන්නෙත් නැති ගානට හිටියේ.
ReplyDeletesamadhi...........
ReplyDeleteඔයාට උන දේ ගැන කනගාටුයි......දුක් වෙන්න එපා..අපිට මේ ලෝකෙදිම ඒ යහපත් දේවල් ලැබෙනවා......
හිතාගන් බැහැ .. ඇයි මේ වගේ ටයිට්ල් එකක්.....
ReplyDeleteපැණි දොඩම්.....
ReplyDeleteකතාව හෙමින් කියවගෙන එන්නකො අයියෙ මුල ඉඳන්................
කිරිල්ලි පෝස්ට් ලියල නවත්වන්නෙ ලොකු ප්‍රහේලිකාවක් ඉතිරි කරල. අපි පුංචි පහේ සිසුවෙක් තරම් හපන්නු නොවෙන කොට ඉතිරි ටික හිතා ගන්න අමාරුයි....
ReplyDeleteShaggy......
ReplyDeleteලියාගෙන යනකොට මාව බ්ලොක් වෙනව අයියෙ....මේක ලියන එක මට ලේසි වැඩක් නෙවේ....ලස්සන ආදර කතාවක් නම් ආදරෙන්ම ලේසියෙන් කියාගෙන කියාගෙන යන්න පුලුවන්....ඒත් මේක එහෙම එකක් නෙවේනෙ..........