My Blog List

Saturday 24 March 2012

රකුසාගේ පල නොකියා පලා බෙදීම...!!

 (අළු පාට හැන්දෑව 31.)

ඒ 2011 පෙබරවාරි මාසෙ...........
ඒ වෙද්දි රකුස ඔන්ලයින් ආවෙ නැහැ කලින් වගේ..මිස් කෝල්ස්..එස්.එම්.එස් නතර වෙලා...ඉඳ හිට ඇවිත් ගොඩාක් වැඩ තියන බව කියල මාව මග ඇරිය..

මල්ලි මැරිල 12 වෙනි අවුරුද්දක් පිරෙන එක නිමිත්තෙන් මහා පිංකම් මාලාවක් සූදානම් කරනව කිව්ව...වෙන්නප්පුවෙ ලමා නිවාසෙකට දානයක් සමග සියලුම ලමයින්ට අවශ්‍ය පොත් පත් ප්‍රධානය කිරීම..මල්ලී වෙනුවෙන් පල්ලියේ පූජාව..හවස මිනී පිට්ටනියේ තවත් මොකක්ද...ඒ දවස් වල මට කෙටි පනිවිඩ තියල තිබුන ගූග්ල් චැට් එකේ...''මම පොත් ලැයිස්තුව හැදුව..අද ඒවා ගේන්න යනව..අද දානෙට දේවල් ගේන්න යනව..පල්ලියේ වැඩ වලට යනව..'' ඔය වගේ...එදා ඒ පල්ලියෙ පූජාව තියල මිනීපිට්ටනියට යනව කිව්ව වෙලාවෙ මම එයාට කෝල් එකක් ගත්ත...ඒ වෙලාවෙ රකුස උන්නෙ මිනීපිට්ටනියෙ නෙවේ ගේ ඇතුලෙ...මම දැනගත්ත ඒකත් විශාල බොරුවක් බව..ඒත් මැරුන කිව්ව මල්ලි? ඒකත් බොරුවක්ද??

''...ඔයා මට කිව්වෙ මේ වෙලාවෙ මිනිපිට්ටනියෙ කියල නේද...?

''...ඔව්.ඔව්..මේ ඒකෙ ඉඳල තමා ආවෙ...''

ඊට පස්සෙ දවස් 10 ක් විතර මෙයා අතුරුදහන් වෙලා උන්න...මම උන්නෙ පුදුමාකාර කලකිරීමකින් වගේම මේ මිනිහා ගැන මහා අප්පිරියාවකින්..හිතේ තිබුනෙ දුකක් නෙවේ කේන්තියක්..මට මා ගැනම දරාගන්න බැරි තරම් කේන්තියක්........
දවස් 10 කට පස්සෙ රකුස එකපාරම ඔන්න මතු උනා ඔන්ලයින්.....

''...මට හොඳටම අසනීප උනා..හොඳටම අමාරු උනා..මට තාම උන...නිකමට හොයල බැලුවෙ නැහැ මම ඉන්නවද මැරුනද කියල...'' ඒ ආවෙ මා එක්ක රන්ඩුවට...
''...ඔයා ඉතින් අවුරුද්දෙ 365 දවසෙම ඉන්නෙ අසනීපෙන්නෙ..ඕක මට අමුත්තක් වත් හොයා බලන්න තරම් විශේෂ සිදුවීමක් වත් නෙවේනෙ...''  මාත් එහෙම කිව්වෙ මගෙ අප්‍රසාදය පෙන්වන්න.....

මෙයාට  ඒ දවස් වල ලොකු උවමනාවක් තිබුනා නිතර මා එක්ක පැටලෙන්න..රන්ඩුකරන්න..මාව අවුස්සල කේන්ති කරල පහත් විනෝදයක් ලබා ගන්න...ඒ එක්කම මාව එයාගෙන් ඈතට එලවලා දාන්න..ඒ වෙනුවෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම එයා කලා..මහා අසික්කිත විදියට හැසුරුනා...ජීවිතකාලෙම ඉස්කෝලෙකට ගිය නැති මන්ධබුද්ධික පොඩි කොලුගැටයෙක් වගේ නිතරම හැසුරුනේ....
''...ඔයාට ලැජ්ජාවක් කියල එකක් නැද්ද ඔය විදියට හැසිරෙන්න? ඔයා මොකක්ද ලබන කැත සතුට අනික් අයව කුපිත කරල? ඔයා ගාව තියෙන්නෙ ප්‍රකෝපකාරී අදහස් ක්‍රියා..මට නම් ලැජ්ජයි ඔයා ගැන...''

එයා පිළිතුරු දුන්නෙ මෙහෙම......

''...ඒ ඉස්සරයි මම රන්ඩු කරල ආපහු ඇවිත් මම ම යාලු උනේ, දැන් ඉතින් මම ආයෙමත් එහෙම කරන්නෙ නැහැ...''

ඒ පෙබරවාරි,මාර්තු මාස දෙකම ගෙවුනෙ ඉතාම අප්‍රසන්න සිදුවීම් එක්ක....ඒ වෙද්දි මට හොඳටම තේරිලා තිබුනෙ රකුසට ඕනෙ කරන්නෙ මොකක්ද කියල..එයාට ඕන උනේ මටම එපා වෙලා මම එයාගෙන් ඈත් වෙන එක..මට එයාව එපාවෙන්න කරන්න පුලුවන් හැම දෙයක්ම එයා කලා..වෙලාවකට මට හිතුනෙ මනුස්සයෙකුට වඩා ඒ මිනිහා ගාව තිබුනෙ තිරිසන් ආත්මයක් කියල.....

කාලයක් පුරා ලස්සනට ප්ලෑන් කරල මාව රවට්ටල මගෙ සල්ලි හොරකම් කරන් රකුස බයයි මගෙන් ඈත්වෙලා හැංගිලා ඉන්න....
මෙයාට තිබ්බ ලොකුම ප්‍රශ්නය හිසරදය තමා මේ තරම් කැත විදියට මට රිද්දවද්දිත් ඇයි මම තාමත් ඉන්නෙ කියන එක......

රකුසගෙ මේ අසික්කිත ක්‍රියා රටාව මම ඒ දවස්වල මගෙ වැඩිහිටි යාලුවන්ට කිව්වාම එයාලටත් පුදුම විදියට කේන්ති ගියා......

''...නංගි..ඕකව බ්ලොක් කරලා දාන්න..මේව ඇහිලා අපිටත් දැන් පිස්සු වගේ..ඔයා කෝමද ඔය මන්දබුද්ධිකයා ගෙ ඔය දේවල් ඉවසගෙන ඉන්නෙ? ඔයා කෝමද ඕව විඳවන්නෙ? ඔයාට පිස්සු හැදේවි..ඕකව අදම බ්ලොක් කරන්න..එලවලාම දාන්න...''

එයාල කිව්වෙ එහෙම..ඇත්තටම කල යුතුව තිබුනෙ එහෙම..ඒත් රකුසට අවශ්‍ය දේ දීලා..එයාට දිනුම දීල එහෙම ලේසියෙන් නිකම්ම අයින් වෙන්නෙ නැහැ කියන හැඟීම මගෙ යටි හිතේ ස්ථීරවම තිබුනා........
මේ මාස 2 ඇතුලත වෙච්ච සියල්ලම ලියන්න බැහැ මට..මොකද ඒවා ඉතාම අප්‍රියජනකයි.....

වෙලාවකට මා එක්ක රන්ඩුවෙලා යන රකුස ඊට පහුවෙනිදට මුකුත්ම නොවුනා වගේ ඇවිදින් බොහෝම ආදරෙන් මට මෙහෙම කියනවා.....
''...මට කාත් කවුරුත් නැහැ...ඔයාට වගේ නෙවේ මට...මම කාලකන්නියෙක් මේ ලෝකෙ...ඔයාට හැමෝම ඉන්නව..හොඳ අනාගතයක් තියනවා..මා ගැන හිතන්නෙ නැතුව ඔයා යන්න...ඔයාගෙ අනාගතේ හදා ගන්න..මම ගැන බලං ඉන්න එපා...''

 ඒ වගේම රකුස මට කීප වතාවක් හොඳින්ම කිව්ව ෆේස්බුක් එකේ අපේ රිලේෂන් ශිප් එක අහක් කරල දාන්න කියලත්...ඒත් රකුස කියන කිසි දෙයක් කලේ නැහැ මම.....

මම මේ ලියන දේවල් බලන ඔයාල හැමෝම උගත් බුද්ධිමත් අය්යල අක්කල මල්ලිලා.....මම ඔයාලට වචනෙන් වචනෙ ලියල විස්තර කරල දෙන්න ඕනෙ නැහැ මම ඒ කාලෙ ඒ වගේ සිදුවීම් තුල මොන වගේ මානසික තත්වයකද ජීවත් උනේ කියල....මට ඒව ගැන ලියන්න හිත එකඟ කර ගන්නම බැහැ මේ වෙලාවෙ..ඇයිද මම දන්නෙ නැහැ.....මට ඒවා මතක් වෙද්දි එකපාරම හිතෙන්නෙ එකම දෙයයි...මේ ලැප් එක මහා හයියෙන් මෙතනම බිම පොලොවෙ ගහල දාල මේ කතාවත් එක්කම ඉවරයක් කරල දාන්න..!!!  ඒ ඇයිද කියලත් මම දන්නෙ නැහැ..............

රකුසා දවසින් දවසම මාව රිද්දන්න ගත්තා නොනවත්වාම....මාත් හැමතැනම පේන්න උන්නා..ෆේස්බුක් එකේ..ගූග්ල් චැට් එකේ..ගූග්ල්බුස් එකේ..මාත් යාලුවො එක්ක හිනාවෙලා විහිලු කර කර උන්නා......රකුසට මේක දරාගන්න බැරි දෙයක් උනා....රකුස ඔය අතර උන්නෙ හැංඟිලා...සමහර යාලුවො මගෙන් ඇහුවා කෝ රකුස මොකෝ පේන්න නැත්තෙ කියලත්....
දවසක් පුරුදු පරිදි රකුස මා එක්ක එල්ලෙන්න ආපු වෙලාවක මම ඇහුවා....
''...ලැජ්ජ නැතුව බොරු කියල මාව රවට්ටල මගෙන් ඕන කරන දේවල් අරන් දැන්ද මාව එපා උනේ? ඇයි එතකොට ඉස්සර මගෙ පස්සෙන් අඬ අඬ ආවෙ?...''

එදා ඒකට රකුස උත්තර දුන්නෙ මෙන්න මෙහෙම.......

''...මම?....මම ඔයාව රැවැට්ටුව??...මම මොනාද ඔයාගෙන් ගත්තෙ ඔයාව රවට්ටල?? ඔයා මොනාද මට දීල තියෙන්නෙ??..ඔයාගෙ මොනාද මා ගාව තියෙන්නෙ?? කියන්න බලන්න??...''

ඒ වෙලාවෙ මගෙ හිතට දැනුන දේ මේකෙ ලියන්න බැහැ මට .....

ඒත් මූ වගේ අවජාතක තිරිසනෙක් එක්ක මොනම හේතුවකටවත් තවත් කතා කරල පලක් නැති බව එදා මම තීරනය කලා...........!!!!.

Monday 19 March 2012

අවජාතක කම...!!

(අළු පාට හැන්දෑව 30..)

මුලින්ම ඉතා වැදගත් කාරනයක් ලියන්න ඕනෙ කියල හිතුන............
මම දන්නව මේ කතාව කියවන සමහරෙක් හිතන් ඉන්නව ඇති මම මහා මෝඩියෙක් කියල..මේ ලෝකෙ අති ශ්‍රේෂ්ඨ බුද්ධිමතුන් පවා යම් යම් අවස්තාවල අන්ත මෝඩකම් කරල තියන අවස්ථා මම නම් අහල තියනවා..ඒ නිසා මා ගැන එහෙම හිතන අය ගැන මම නම් කොහෙත්ම හිතන්නෙ නැහැ..........

නමුත්............

මුලදි මුලදිම රකුසගෙ සැබෑ තත්වය ගැන ඇත්ත තොරතුරු සොයා ගන්නට මට හොඳටම අවස්ථාව තිබුනා...එහෙනම් ඇයි මම එහෙම නොකලේ????????

මම කලින් කිව්ව වගේ,මම මගෙ යාලුවොයි කියල හිතාගෙන උන්න අය මට උදව් කරන්න ඉදිරිපත් උනේ නැහැ..එයාල කලේ එයාල ඉගෙන ගත්ත පොත් වලින් මට පාඩම් කියල දුන්න එකයි,එයාලගෙ ජීවිතේදි කරපු දේවල් ඒ විදියටම මටත් කරන්න කියල උපදෙස් දීපු එකයි විතරයි......

ඒ වගේම මම කලින් කිව්ව මේ ගැන මම ලංකාවෙ ඉන්න මගෙ නෑයින්ට කියන්න කොහෙත්ම කැමති උනේ නැහැ කියල......ඇයි ඒ?????????

අපේ අම්මගෙ පවුලෙ ඔක්කොම සහෝදර සහෝදරියො 10 දෙනෙක්..(අම්ම බාලය.)තාත්තගෙ පවුලෙ ඔක්කොම 6 දෙනෙක්....ඉතින් මේ ඔක්කොම මගෙ මාමල,බාප්පල,නැන්දල,ලොකු අම්මලා ගෙ දරුවො 38 දෙනක්..ඒ කියන්නෙ මගෙ එක්කුසේ උපන් අය්යල දෙන්නත් එක්ක මට සහෝදර සහෝදරියො 40 ක් ඉන්නවා..
((මේ අය අතරින් මගෙ සහෝදරයින් 8 දෙනෙක් ආරක්ෂක අංශ වල උසස් නිළතල දරණ අය බවත් සඳහන් කල යුතුයි.))
අපි ලංකාවෙන් පිට දුර රටක හිටියට අපේ නෑයො,සහෝදරයො එක්ක ලොකු බැඳීමක් ඇතුව ජීවත් වෙන්නෙ...සතියකට දෙතුන් පාරකට වඩා කවුරුන් හෝ ලංකාවෙන් කතා කරල අපේ තොරතුරු විමසනවා..අපිත් එහෙමයි...
අපෙ මේ ඥාතීන් බොහෝ දෙනෙක් වයඹ පලාතේ පදිංචි අය...ඒ වගේම රකුසගෙ ගෙවල් අවට ගම් වල පදිංචි අයත් මේ අතර සිටිනවා......

ඉතින්...............

රකුසව දැන අඳුන ගත්ත මුල් දිනවල පටන්ම, ලොකුම බාධක හේතු 2 ක් මත මට රකුසව මගෙයි කියන අයගෙන් සඟවල අපේ සම්බන්ධය ඒ අයගෙන් රහසක් විදියට රැකගන්න සිද්ධ උනා.............

පලමු හේතුව:-
රකුස මුලින්ම මට එයාගෙ අම්මව හඳුන්වල දුන්නෙ ඉතා නරක,නපුරු චරිතයක් ඇති කෙනෙක් විදියට....එයාගෙ අම්ම අය්යට අවුරුදු 2 ක් වගේ වයසෙදි ඒ පොඩි දරුවවත් තාත්තවත් දාල වෙන මිනිහෙක් එක්ක පැනල ගිය නරක කෙනෙක් විදියටත්,ඊට පස්සෙ ඒ පුද්ගලයාගෙන් තව දරුවෙක්(රකුස.)හදාගෙන ආපසු ආව කෙනෙක් විදියටත් තමා මට එයා එයාගෙ අම්ම ගැන කියල තියෙන්නෙ.....ඒ වගේම රකුස මට නිතරම කිව්ව දෙයක් තමා..''....මම අවජාතකයෙක්..! මට කාත් කවුරුත් නැහැ..මගෙ නෑයො මට කාලකණ්නියෙක් කියනවා..අවජාතකයා කියනව..උන් ඔක්කොම මට වෛර කරනව..මගෙම අයිය මට හිරිහැර වෙනස් කම් කරනවා..මාව ගෙදරින් එලවනවා..මගෙ අම්මට මාව පේන්න බැහැ ඇයි උඹ මගෙ බඩේ ඉපදුනේ කියල අහනවා..මාව දකිනකොට අම්මට එයාගෙ අතීතෙ මතක් වෙනවා, එයා කරපු වැරැද්ද මතක් වෙනවා..එතකොට එයා ඒකට වෛර කරන්නෙ මට....''

ඉතින්......රකුසගෙ මේ පවුලෙ ප්‍රශ්නෙත්, මේ විසඳුමක් නැති ''අවජාතක ප්‍රශ්නෙත්'' තරමක් දුර කාලයක් අපේ ගෙදරින් සඟවාගෙන ඉන්න හෝ මගේ අය්යල අම්ම එක්ක කතා කරල හෙමින් විසඳගන්න හෝ මට පුලුවන් කම තිබුනා මොකද මගේ අම්ම අය්යල බුද්ධිමත් අය එයාල මේ ප්‍රශ්නය දිහා පටු විදියට බලන්නෙ නැති බව මට විශ්වාසයක් තිබුනා..............
ඒත් රකුස මට කොහෙත්ම ඉඩ දුන්නෙ නැහැ මේ ගැන කතා කරන්න....එයා කිව්වෙ එහෙම ඊට පස්සෙ එයාලගෙ ගෙදරට මේ බව ආරංචි උනොත් එයාට අනිවාර්යයෙන්ම ගෙදරින් යන්නට වෙන බවයි....මම ඒකට ගොඩාක් බය උනා..............

දෙවෙනි හේතුව තමා........

රකුසට හොරෙන් එයා ගැන හොයා බලන්න කියල ලංකාවෙ අපේ අයියලාට කිව්වට පස්සෙ,,එයාල හොයා ගනීවි  රකුසගෙ පවුලෙ ඔක්කොම තොරතුරුත් එක්ක..එයාගෙ අම්ම ගැන..රකුස අවජාතක දරුවෙක් බව.....ඊට පස්සෙ මේ සිද්දිය අපේ මුලු නෑපරපුර අතරම ප්‍රචාරය වෙලා එයාලගෙ මාර්ගයෙන් අපේ ගෙදරට ලස්සනට කතාව ඒවි.......එහෙම උනා නම් ඊට  පස්සෙ ඇතිවෙන තත්වයට මූණදෙන්න මට කොහෙත්ම හයියක් නැතිවෙන්න තිබුනා.................

ඉතින් ඔන්න ඔය කිව්ව විසඳුමක් නැති ගැටලුවට මැදිවෙලා මම කට පියාගෙන ඉන්න අතරෙ....රකුස ඒකෙන් නියම ප්‍රයෝජනය අරන් එයාගෙ ''මන්ද බුද්ධික සෙල්ලම'' ලස්සනට ඉදිරියට අරන් ගියා.........

එදා 2011 ජනවාරි 28 දින.....අලුත් ලැප්ටොප් එක ගෙනත්,එදා හවස එයා ඒකෙන් ඔන්ලයින් ආවා...වෙනදට වඩා පිළිවෙලකට කොටට කොන්ඩෙ කපාගෙන..මළ ගෙදරක යන්න වගේ සුදුම සුදු ඇඳුමක් ඇඳගෙන.....

''...අම්මල මොකුත් කිව්වද? කොහෙන්ද සල්ලි ඇහුවද?...''
''...ඔව්..මම කිව්ව ඔෆිස් එකෙන් ණයක් ගත්ත කියල...''
හරීම පොඩි වෙලාවක් ඔන්ලයින් ඉඳල මොකක්ද කියල එයා ඕෆ් උනා..එවෙලෙ මට හිතුනෙ නැහැ මේ තමා මම එයාව දකින අවසාන වතාව කියල.................

ලැප් එක ගෙනාව දවසෙ ඉඳන්ම කවදාවත් නැති තරම් එයාට වැඩ තිබුනා..පුදුම වැඩ ගොඩාක්..ක්ලාස් එකේ වැඩ..ප්‍රොජෙක්ට් එකේ වැඩ..අර ඩොකියුමන්ට්ස්..මේ නෝට්ස්...තව තව මට තේරෙන්නෙ නැති ගොඩාක් දේවල් එයා කිව්ව..කොටින්ම මා එක්ක කතා කරන්න වෙලාවක් එයාට තිබුනෙ නැහැ...මම හවස ඔන්ලයින් උන්න මගේ වැඩ කර කර..එයා එයාගෙ වැඩ වල....

ලැප් එක අතට ගත්ත වෙලේ ඉඳන් මෙයාගෙ මේ අධික කාර්ය බහුල කම මාව පුදුමයට පත් කලා..ඒත් ඒවා එයාගෙ ඉගෙනීමේ කටයුතු කිව්ව නිසා මම එයාට බාධා නොකර මගේ පාඩුවෙ උන්නා.....

ඒත් මෙයා මේ අධික වැඩ කටයුතු මුවාවෙන් කරන්නෙ මහා බොරුවක් බව මට නොවැටහුනාමත් නොවෙයි.....

දවසක් මම මේ ගැන එයාගෙන් ඇහුවා..මට ඇත්තටම දැන් මතක නැහැ හරියටම..ඒත් මම ඇහුවෙ ඔයාට ඔය තරම්ම වැඩ මොකද කියල වගේ දෙයක්....එක පාරම එයාගෙ පිළිතුර උනේ....

''....මේ.... මට මගෙ වැඩ තියනවා....ආවද මෙතන මගෙ ඔලුව කන්න?....''

ඒ කතාවට මම ගව් ගානක් උඩ ගිහින් බිම වැටුනෙ...!!!!!!

Sunday 11 March 2012

මම කරපු ලොකුම පිංකම......!!!!

(අළු පාට හැන්දෑව 29....)
ඒ 2010 දෙසැම්බර් මාසෙ..නත්තල් මාසෙ..හිම වැහි වැහැල වැහැල පලාතම සුදුම සුදු පාටයි..බලන බලන හැම පැත්තකම සුදු පුලුන් වගේ හිම ගොඩ ගැහිල...ගංගාවල් මිදිල..කොලපාට ෆයින් ගස් යටින් ඇවිදගෙන යන්න බයේ බැහැ අතු උඩ බදාගෙන ඉන්න තඩි හිම කුට්ටි කොයි වෙලේ පහලට කඩන් වැටේවිද කියල...

දෙසැම්බර් මුල් සතියෙ ඉඳන්ම මේ මිනිස්සු පිස්සුවෙන් වගේ නත්තලට සූදානම් වෙනවා..මහා ගොඩාක් සල්ලි වියදම් කරනවා.. පාරවල් පුරාම ගස් වැල් පුරා පාට පාට විදුලි බුබුලු වැල් ඇදල...උස ගොඩනැගිලි,ගෙවල් දොරවල් ඔක්කෝම සරසල අලංකාර කරල...කොහෙ බැලුවත් නිවෙන පත්තුවෙන විදුලි බුබුලු..........
නත්තල් මාසෙ කවුරුත් ඉන්නෙ සතුටින්...සාප්පු වල සෙනඟ පිරිලා හැමෝගෙම අත්වල තෑගි පාර්සල්...මාත් උන්නෙ ඇත්තටම ගොඩාක් සතුටින්.......

රාජ් මේ කාලෙ හිතාගන්නටත් බැරි තරම් පුදුම විදියට වෙනස්ම පුද්ගලයෙක් වෙලා උන්නා...විශ්වාස කරන්න බැරි තරම් ආදරෙන් උන්න මට...කවදාවත් නැති තරම් ආදරෙන් කතා කලා මට...ලංකාවෙ වෙලාවෙන් පාන්දර වෙලත් මම ඔන්ලයින් එනකම් බලන් උන්න...මට නිදා ගන්න ඇරල එයා ඇවදියෙන් උන්න ඒ පාන්දරත්,,මාව මහ රෑ ඇහැරවන්න ඕන නිසා වෙලාවට මගෙ බෙහෙත් බොන්න...මාරවිල කුරුස පල්ලි ගියා කිව්ව ආයෙමත් කලින් උන බාර අලුත් කරන්න...මාව සතුටින් තියන්න පුදුම විදියෙ මහන්සියක් ගත්ත එයා...මේ කාලෙ අපි අතර පුංචිම පුංචි හිත් අමනාපයක්වත් ඇති උනේ නැහැ.......

ඇත්තටම මම උන්නෙ ගොඩාක් සතුටින්...අපි දෙන්නම නත්තල් ගස් හදල ඒවල පොටෝ හුවමාරු කර ගත්ත.........
රාජ්ගෙ මේ අමුතුම වෙනස් වීම අදහා ගන්නත් බැරි තරම් උනා..ඒ දවස් වල අර අමුතු මානසික ගති මතු උනේ නැහැ..අපි දෙන්න ගැන..ජීවිතේ ගැන..එයාගෙ ඉගෙනීමේ කටයුතු ගැන එයා හරිම සීරියස් කතා කලේ..මේ ඔක්කොටම වඩා පුදුමෙ එයා අපි ගැන වෙන කවදාටත් වඩා උනන්දුවෙන් කතා කල එක.......

දවසක් එයා මෙහෙම කිව්ව...''..මම හෙට මාරවිල කුරුස පල්ලි යනව.එතන ඉඳන් ඔයාට කෝල් එකක් දෙන්නම් ඔයා මාත් එක්කම එකට යාඤ්ඤා කරන්න ඕනෙ හොඳේ?..''
''..මම?..අනේ ඉතින් මම දන්නෙ නෑනෙ ඔයාලගෙ යාඤ්ඤා වල් කියන්න..''
''..ඒකට කමක් නෑ..මම කියල දෙන්නම්..මම කියන එක ම ඔයත් කියන්නකො..''
''..හ්ම්ම්..එහෙනම්  ඔයා පල්ලියට ගිහින් මට මිස් කෝල් එකක් දෙන්නකො මම ගන්නම්..''
''..මම දෙයක් අහන්නද?..''
''..හා අහන්න..''
''..මම මේ නිකමට වගෙ අහන්නෙ..ඔයා බුද්ධාගමේ..කවද හරි ඔයාට කතෝලික ආගමට එන්න කිව්වොත් ඔයා එනවද?..''
''..ම්ම්ම් මෙහෙමයි..විවාහයක් වෙනුවෙන් පිරිමි කෙනෙක් ගැහැනු කෙනෙක්ගෙ ආගම වැළඳගන්න ඔන කියන එක මම අනුමත කරන්නෙ නැහැ..දරුවන්ගෙ උප්පැන්නෙ තියෙන්නෙ තාත්තගෙ ආගම වෙන්න ඔනෙනෙ..ඉතින් මම කැමතියි මගෙ හස්බන්ඩ්ගෙ ආගමට හැරෙන්න..ඒත් ඒකෙන් අදහස් කරන්නෙ නැහැ මම මගේ ආගම අතහරිනව කියල..මම ආගම් දෙකම අදහනව..අපි මේ දැනුත් එහෙමයි..පන්සලුත් යනව..පල්ලිත් යනවා..කෝවිලුත් යනවා..''

2011 ජනවාරි මාසෙ වෙද්දි රාජ් අමුතුම ආදරණීය පුද්ගලයෙක් වෙලා උන්න..අපි අතර යාන්තම් වත් අමනාපයකට එයා ඉඩක් තිබ්බෙ නැහැ..එයාගෙ ආදරණීය වචන මාව පුදුම කලා.....

''..ඇයි අනේ අපි දෙන්න දැන් රන්ඩු වෙන්නෙ නැත්තෙ?..''මම වෙලාවක විහිලුවට වගේ ඇහුවෙ..
''..ඇයි දැන් ඔයාට ඕනෙ රන්ඩු කරන්නද?..''
''..නැහැ..එහෙම නෙවේ ඉස්සර වගේ රණ්ඩු නැතුව දැන් නිකම් පාලුයි කම්මැළී වගේ..දාගම්මුකො වලියක්..හික්ස්!!..''
''..අනේ අනේ මේ මට නම් බැහැ ආයෙමත් එහෙම වෙන්න හොඳේ..'' හ්ම්ම්ම්ම්ම්ම් අනේ වාසනාවන් මම තනියම හිතුව...ඇත්තටම කෙනෙකුට මේ තරම් ලස්සනට වෙනස් වෙන්න පුලුවන්ද?ඔව් පුලුවන්..අවුරුද්දක් දැන්..එයා මට මුලින් කිව්වනෙ වෙනස් වෙන්න කල් දෙන්න කියලත්..හ්ම්ම්...වෙච්ච දේවල් පාඩමකට අරන් එයා වෙනස් වෙන්න ඇති.......

එදා 2011 ජනවාරි මාසෙ 19 වෙනිද........
එදා රෑත් පාන්දර වෙනකම් රාජ් මා එක්ක හරිම ආදරෙන් කතා කර කර උන්නෙ...අපි ගුඩ් නයිට් කියල නිදා ගන්න යන්න හැදුව විතරයි රාජ් හදිසියෙම දෙයක් මතක් උනා වගේ කතා කලේ.....
''..ආ මේ ඒක නෙවේ පැටියො..මට පොඩි උදව්වක් ඕනෙ ඔයාගෙන්..කරනව නේද?..''
''..ඔව් කරන්නම් කියන්න මොකක්ද?..''
''..ඉන්න පොඩ්ඩක් ඉස්සර වෙලාම කතාව කියල ඉන්නම් හොඳේ?..''
''..හා..''
''..මම ඔයාට කිව්වනෙ මගෙ ප්‍රොජෙක්ට් එකේ වැඩ ට සර් ව හම්බ වෙන්න යනව ඒකට මට ලැප් එකක් ඕනෙමයි කියල..''
''..ඔව් ඉතින්..''
''..ඉතින් මම අම්මිගෙන් සල්ලි ඉල්ලුව ලැප් එකක් ගන්න..එයා දුන්නෙ නැහැ..''
''..ඒ මොකෝ ඒ? ඔයා ඉගෙන ගන්නවට කැමති නැද්ද එයා?..''
''..අයියට සල්ලි දුන්නලු එයාගෙ අලුත් ගෙදර වැඩ වලට..මම ඇහුව තාත්තිගෙන් අහන්නද එහෙනම් කියල..එපා කිව්ව..අයියට දෙන්න තියනව එයාගෙ පුතානෙ..මට තමා නැත්තෙ..ඔක්කොම එයාගෙ පුතාට විතරයි..''
''..හප්පේ පුදුම අම්ම කෙනෙක්නෙ..ඇයි එයාගෙම දරුවට ඉගෙන ගන්න දෙන්නෙ නැත්තෙ?..''
''..ඒක තමා මම කිව්වෙ..ඒක මගෙ කරුමෙ පැටියො..ඒකට කමක් නැහැ..මම ඔයාට ඉක්මනින්ම ආපහු දෙන්නම් ඔයාට පුලුවන් නේද මට සල්ලි ටිකක් දෙන්න?..''
''..කීයක්ද ඕනෙ ඔයාට?..''
''..මම ලැප් එකක් බැලුව ඒක එක්ලක්ෂ විසිඅට දාහක් වෙනවා..ඔයා මට ලක්ෂයක් දෙන්න..ඉතුරු ටික මම හොයා ගන්නම්..මම ඉක්මනින් ඔයාගෙ සල්ලි ආපහු දෙනවා හොඳේ?..''
''..හා මම දෙන්නම්..එතකොට ඔයා ගාව සල්ලි නැත් නම් ඉතුරු ටික කොහෙන්ද හොයා ගන්නෙ?..''
''..මම කෝම හරි හොයා ගන්න බලන්නම්කො..''
''..හ්ම්ම්..මම හෙට එවන්නම්..''
''..නෑ..එහෙම නෙවේ පැටියො..අපි මෙහෙම කරමු..ඔයාගෙ සල්ලි තියෙන්නෙ කොමර්ෂල් බෑන්ක් එකේ නේද..මගෙ එකවුන්ට් එකත් කොමර්ෂල් නෙ..අපි ඔයාගෙ එකවුන්ට් එකෙන් මගෙ එකට ට්‍රාන්සර් කරමු..''
''..නෑ ඔයාට එහෙම කරන්න බැහැ..මගෙ තියෙන්නෙ ෆික්ස්ඩිෆොසිට්..මම මෙහෙන් එවන්නම් හරිනෙ..''

මේ ලැප්ටොප් එකේ කරදරේ මාස ගානක ඉඳන් ඇදි ඇදී තිබුන හිසරදයක් වෙලා තිබුනෙ මට ඒ වෙද්දිත්..රාජ් කලින් කිව්වෙ මගෙන් එපා එයා ගාව සල්ලි තියනව කියල ඒ බොරු..එයා ගාව මුදල් තිබුනෙ නැහැ..අම්ම තාත්ත සහෝදරය වත් උදව් කරන්නෙ නැති මෙයාට,,එයාගෙ අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යාවශ්‍යම දෙයක් වන ඒ කොම්පියුටර් එක ගන්න මුදල් දෙන්න ඕනෙ කියල මම හිතුවා.......කොම්පියුටර් සම්බන්ධ විශයයන් ඉගෙන ගන්න කෙනෙකුට කොම්පියුටරයක් නැහැ කියන එක විහිලුවක් වගේම මහා අපරාධයක්....!!

එදාට පහුවෙනිදා....මම අපේ ගෙදර කාටත් හොරා මගෙ බෑන්ක් එකවුන්ට් එකෙන් යූරෝ 900 ක් අරන් තව යූරෝ 20 ක කොමිස් මුදලකුත් ගෙවල රාජ්ගෙ බෑන්ක් එකවුන්ට් එකට යැව්ව...ඒ දවස් වල ලංකාවෙ යූරෝ එකක් රුපියල් 146 - 147 අතර ගනනක් නිසා මම යැව්ව මුදල රුපියල් වලින් එක්ලක්ෂ තිස්දෙදාහක් වශයෙන් ඊට පසු දින ජා-ඇල කොමර්ෂල් බැංකුවේ රාජ්ගේ ගිනුමට ලැබී තිබුන............
((එයා මට දුන්නෙ ජා-ඇල කොමර්ෂල් බෑන්ක් එකේ එයාගෙ ගිනුම් අංකයට ඒව එවන්න කියල...දෙවෙනි දවසෙ එයා කිව්ව මුදල් බැංකුවට ලැබුන බව.))
ඊට දින කිහිපයකට පස්සෙ එයා අලුත් ලැප්ටොප් එක ගත්ත..හරියටම ජනවාරි මාසෙ 28 වෙනිදා එදා........
''..දැන් මට තියන ලොකුම ප්‍රශ්නෙ මේක ගෙදරට අරන් යන එක..'' එයා එදා කිව්ව..
''..මාත් හිතුව..ඔයාගෙ අම්මල අහාවි නේද කොහෙන්ද සල්ලි කියල?..''
''..හ්ම්..සල්ලි ඉල්ලුවාම දෙන්න බැහැ කියල මගුලට අහන්න එනවද දැන්??..''

ඒ කතාවට නම් මගෙ හිත ගැස්සිලා ගියා................

Saturday 3 March 2012

මම වැටෙන්නෙ නැහැ.......!!!.



(අළු පාට හැන්දෑව 28.) 
පෙර වදනක්:-

මේ කතාව පටන් ගත්ත දා ඉඳන් අද වෙනතුරු මම කවදාවත් කාගෙවත් අනුකම්පාවක් බලපොරොත්තු උනේ නැහැ..වෙන්නෙත් නැහැ...මේක අනුකම්පා බ්ලොග් එකක් නෙවේ කොහෙත්ම...මම අසනීපෙන් ඉන්න ලෙඩෙක්වත්,අන්ත දුප්පතෙක්වත්,අන්ත අසරණ තත්වයක ජීවත් වෙන කෙනෙක්වත් නොවේ.......

මම දන්නව මේක බලන ගොඩාක් අයට  කතාවෙ අවසානය දකින්න හදිස්සී කියල.....

මේක මම ලියන නව කතාවක් වත්.මෙගා ටෙලි කතාවක් වත් නොවෙයි...අවුරුදු එකහ මාරක් තුල මගෙ ජීවිතේ සිදු උන සිද්දියක් මම ලියන්නෙ......

ඉතින් මම හිතුව මේ සිද්දියත් මේ කතාව ට සම්බන්ධයි කියල...ඒ නිසයි මේක ලිව්වෙ......

ජීවිත කාලෙ එකම දවසක් වත් කිසිම ලෙඩක් දුකක් හැදුනෙ නැති..හැදෙන්නෙත් නැති අය ඉන්නවද මගෙ මේ බ්ලොගේ කියවන අය අතර??....නැහැ නේද? එහෙනම් පොඩ්ඩක් ඉවසන්න අවසානෙ දෙන්නම් ඉක්මනට...!!
 
අනුත්තරා එදා මට සුභ පතල මගෙ මූණුපොතෙන් අයින් උනානෙ....පස්සෙ මම රාජ්ගෙන් අහුව...
''..අනුත්තරා කතා කලාද ඔයාට? මොනා හරි ඇහුවද?..''
''..හ්ම්..කතා කලේ නම් නැහැ..මැසේජ් එකක් එවල තිබුන ගුඩ්ලක් කියල..මට අහන්නත් හිතුන මොකටද කියල..ඒත් මම නිකම් තෑන්ක්ස් කියල මැසේජ් එකක් යැව්ව..''
ඒත් එදා ඇත්තටම වෙලා තිබුනෙ එහෙම නෙවේ බව මට කිව්වෙ අනුත්තරා මේ ලඟකදි...එදා අනුත්තර කෝල් කරල රාජ්ගෙන් අහල තිබුන......
''..කෝමද ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් එයා හොඳද?..''
''..මොන ගර්ල්ෆ්‍රෙන්ඩ් ද? පිස්සුද ඔයාට? මොනාද මේ කියන්නෙ?..''

ඊට පස්සෙ අනුත්තරා මගෙ නම කියලම ඇහුවම..රාජ් කියල තියෙන්නෙ මෙහෙම.....
''..ආ එයාද..හරි මට තේරෙනව දැන් වෙලා තියන දේ..හරි මම ඒක බලා ගන්නම්කො එයා එක්ක..''

ඊට පස්සෙ අනුත්තරාට තරහ ගිහින් තිබුන ඇහැට පෙනි පෙනි මෙයා මේ කියන බොරුවට...
ඊලඟට රාජ් කියල තියෙන්නෙ...''..ඔව් එයා මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් තමා..'' කියල...
ඒකෙන්ම ඔප්පුවෙනවා නේද මෙයා දෙමාපියන්ට සහෝදරයින්ට ආදරේ කරන කෙල්ලටත් විතරක් නෙවේ යාලුවන්ටත් මුලු සමාජයටමත්...ඇත්ත ඇස්පනා පිට පෙනි පෙනි තියෙද්දිත් කියන්නෙ අමූලික පට්ට පල් බොරු කියල..?
මේ මිනිහට ''ඇත්ත'' කියන්නෙ අර ''ගොලුබෙල්ලට ලුනු වගේ''......

ඊට දින කීපයකට පස්සෙ රාජ් මගෙන් ඇහුව..මම අනුත්තරාට එයාගෙ ''ආදරකතාව'' බ්ලොග් එක බලන්න යැව්වද කියල.....
''..නැහැ ඇයි මම එහෙම දෙයක් කරන්නෙ?..''
''..අන්න ඒකි මගෙ බ්ලොග් එක හොයාගෙන බලනව දැන් මට මැසේජ් එකක් එව්ව..එන්නකො ඔයත් ලොග් වෙන්න මගෙ බ්ලොග් එකට..''
''..දෙවියනේ..දැන් ඔයා ලිව්ව ඒවා ඔක්කොම එයා දකිනව නේද?..''
''..ඔව් දැකපුදෙන්..බලාගත්තදෙන් ඇතිවෙන්න..''
''..එපා ඔයාට පුලුවන් නේද ඒක බ්ලොක් කරන්න එයාට බලන්න බැරි වෙන්න? එහෙම කරන්න..''
''..නෑ  නෑ ඕනෙ නැහැ..ඔහෙ බලපුදෙන් මටත් ඕනෙ ඒක තමා දැන්..බලපන්..! බලපන්..! උඹ ගැන තමා ඔය තියෙන්නෙ හොඳට බලපන්..!..''
වියරු වැටුන මිනිහෙක් වගේ රාජ් එදා එහෙම කිව්වෙ මාව පුදුමයෙනුත් පුදුමයට පත් කරමින්........

ඊට පස්සෙ රාජ් කිව්ව ''ආදරකතාව'' බලල අනුත්තරා එයාට ගොඩාක් දොස් කිව්ව බව..අනුත්තරා කීවලු...
''..ඔයා මට අපහාස කලා මුලු ලෝකෙටම පේන්න ඔය බ්ලොග් එක ඩිලීට් කරන්න කරුණාකරල නැත් නම් මම ඔයාට කවදාවත් සමාවක් දෙන්නෙ නැහැ..'' කියල..
රාජ් කිව්වෙ..''..මේක මගේ කතාව මට ඕන නිසා ලිව්වෙ එක එකාට ඕන විදියට ඩිලීට් කරන්නෙ නැහැ මම..'' කියල........
පස්සෙ අනුත්තරාගෙ බෝයි මෙයාට කතා කරන්න කිහිප වාරයක් උත්සාහ කල බවත් මෙයා පෝන් එකට පිලිතුරු දීමෙන් වැලකී සිටි බවත් කීව....

මේ සිදුවෙන..සිදුවීගෙන යන දේවල් මගේ ජීවිතය මහා අසහනකාරී තත්වයකට පත් කලා..මගෙ හිත ප්‍රශ්න අවුල් වියවුල් ගොඩකින් පිරිලා මාව හෙම්බත් කරල තිබුන..දවසේ වැඩි වෙලාවක් කල්පනා කරන්නටත් හඬන්නටත් ගතකරපු මගෙන් කෑම රුචියත්,නින්දත් ඈතට පලාගොස් තිබුනා..කවුරුත් කන වෙලාවට මොනා හරි කටේ දාගෙන වතුර ටිකක් බීල මගෙ බඩ රවට්ටන මට පිලිවෙලකට පුටුවක ඉඳගෙන කෑම ටිකක් කාපු දවසක් තිබුනෙ කලාතුරකින්..මේ කාලෙ මට දැනුන මගෙ බර අඩුවේගන යනව හරි ඉක්මනට..ගනට තිබුන කොන්ඩෙ අහුරු අහුරු හිසකෙස් ගැලවිලා ගියා..කාමරේ හැම තැනම බිම හිස කෙස් හැම වෙලේම..ඊට කලිනුත් මම අසනීප වෙන්න කලින් ඔය විදියෙ දේවල් උනේ.......

මම හොඳටම භය උනා...අයියල දෙන්න හැර ඒ කාලෙ මා ගාව උන්නෙ ගෙදර වැඩට උන්න කෙනා විතරයි..කලින් වතාවල අසනීප උනාම මගෙ අය්යල මම නිසා පුදුම දුකක් වින්ද..ඒව මතක් වෙද්දි මට ජීවිතේ එපා වෙනව..ඒ විතරක් නෙවේ අර හොස්පිටල් එකෙ සේලයින් කටු..අත්දෙකම හිල් කර කර ගන්න ලේ ටියුබ් ගාන මතක් වෙද්දි මට හිතුනෙ එහෙම ආයෙමත් අසනීප වෙනවට වඩා හොඳයි මැරිලම යනව කියල.........
ඒත් මම ලෙඩෙක් නෙවේනෙ...මම හිතට වෙර අරන් හිතුව..නැහැ මේ පාර ආයෙමත් එහෙම වෙන්නෙ නැහැ..මම වෙනුවෙන් අම්ම අයියල මොන තරම්  දුක් වින්ඳද..මම මොන තරම් දුක් වින්ඳද?
මේ මගෙ ඔලුව විකාර කරන ආදරේ පොඩ්ඩක් බිමින් තියල මගෙ ජීවිතේ ගැන හිතන්න ඕනෙ කියල මට හිතුන........මේ මාස 10  ගැන හිතුවොත්..මම පිස්සියෙක් වෙලා මානසික රෝහලකට නොගිහින් තියෙන්නෙ පූරුවෙ පිනකට කියල මට හිතුනෙ.........

දවස් 3..4 ක් නිවාඩු අරන් මම මගෙ කාමරේ වෙනස් කලා..සුපර් මාකට් ගිහින් මම ආස කැමති කෑම බීම තනියම ගෙනාව..වෙනදට වඩා වෙලාවක් නෑව.. විටමින් ෂැම්පු අලුතෙන් ගෙනාව කොන්ඩෙ හැලෙනවට..බඩගිනි නැති උනත් බලෙන්ම කෑම ගත්ත..ඩවුන් ලෝඩ් කරන් අලුත් ෆිල්ම්ස් බැලුවා..ෆේස් බුක් එකේ යාලුවො එක්ක විහිලු කලා වෙනදට වඩා..ඔය උඩ තියන පින්තූරෙ වගේ ගඟක් තියනව අපේ ගේ අයිනෙත් ඉතින් නෙට් එකේ ඉන්න වෙලාව අඩු කරල මම ගඟ අයිනට ගිහින් මාලුන්ට කෑම ද දා උන්න..........
රාජ් ඒ දවස් වල ගොඩාක් හොඳින් උන්න..වෙන කවදාවත් නැති තරම් මට ආදරෙන් උන්න..මා ගැන නිතරම හොයල බැලුව..එයාගෙ ඉගෙන ගන්න වැඩ පාඩම් වැඩ ගොඩාක් තිබුන ඒ කාලෙ..මම එයාට ඒවා නිදහසේ කර ගන්න ඇරල මගේ පාඩුවේ උන්න.......

එදා ඔෆිස් ඇරිල මමයි මගෙ යාලුවයි(එයා ජර්මන් කෙල්ලෙක්,) පාර දිගේ ඇවිදගෙන ආව..එදා ටවුන් එකේ මොකක්ද උත්සවයක් නිසා ඒ පැත්තෙන් වාහන යන්නෙ නැහැ..පාලු පාරෙ මිනිස්සු විතරක් ඇවිදගෙන ගියා..අපි දෙන්න ලඟ එන නත්තල ගැන කතා කර කර ආවෙ...එකපාරම මට දැනුනෙ මම උඩට ඉගිල්ලෙනව වගේ..එක තත්පරයක් වත් හිතන්න ඉඩක් ලැබුනෙ නැහැ..කෙහෙල් ගහක් කඩා වැටෙනව වගේ දඩෝන් ගාල මාව මහ පාර මැද්දෙ මුනින් අතට ඇදගෙන වැටුනා...පාරෙ උන්න සෙනග දුවගෙන ආව මා ගාවට...මගෙ හැන්ඩ් බෑග් එක පාරෙ එක පැත්තක..එක සපත්තුවක් කකුලෙ අනික පාරෙ..බෑග් එකේ සිප් එක වහගෙන නෙවේ මම ඇවිත් තිබුනෙ,ඒකෙ තිබ්බ ඔක්කෝම පාර පුරාම..යාලුව මාව නැගිට්ටවන අතරෙ අනිත් මිනිස්සු පාරෙ වැටුන අනිත් කෑලි අහුලලා දුන්නෙ...එක්කෙනෙක්ගෙ අතේ මගෙ පෝන් එක..එක්කෙනෙක්ගෙ අතේ සපත්තුව බෑග් එක..තව කෙනෙක්ගෙ අතේ බෑග් එකෙන් එලියට විසි උන පර්ස් එක..කණ්නාඩිය..ඒ මිනිස්සුන්ගෙ කරුණාවන්ත කම එදා මගෙ ඇස්වලට කඳුලු එකතු කලා....මගේ යාලුවට අදහ ගන්න බැරි උනා ඒ මට වෙච්ච දේ එයා කිව්වෙ.....''මෙයා මගෙ වම් අතේ වැදි වැදි කතා කර කර ආව..එක පාරම මෙයා අතුරුදන් උනේ, කෝ මෙයා කියල බලද්දි මෙන්න බිම..!!''

පෙර කරපු පිනකටද  සීතකාලෙ නිසා ඇඳන් උන්න ගණ ඇඳුම් නිසාද මන්ද මගෙ මුහුණෙවත් ඇඟේවත් කෙස් ගහක තරම් වත් සීරීමක් උනේ නැතුව මම ගෙදර ආවෙ...සපත්තුව පෙරලිලා ඇදන් වැටුන කියල එවෙලෙ බොරු කිව්වත් ඇත්තටම මාව වැටුනෙ ඒ නිසා නෙවේ...

ඒ සිදුවීමෙන් දින කිහිපයකට පස්සෙ එදා හවස් වෙලාවෙ මට අවශ්‍ය උනා මගෙ විටමින් වගයක් ගන්න ෆාමසියට යන්න..අපේ ගෙවල් ගාව ඉඳන් මීටර් 500 ක් විතර දුරින් ෆාමසිය තියෙන්නෙ..ඔන්න මම දැන් පාරට ගිහින් පේමන්ට් එක දිගේ ඇවිදගෙන යනව..ෆාමසිය කිට්ටුවෙදිම ආයෙමත් අර කලින් දවසෙ වගේම එක පාරම මාව කඩාගෙන වැටුන...එදා පේමන්ට් එකේ ගිය මාව ඇදන් වැටුනෙ පාරට....කලින් දවසෙ වගේ දඩි බිඩියෙ නැගිට ගන්න හැදුවත් එදා නම් තත්වය වෙනස් මගෙ දනිස්ස ගාවින් කකුල කැඩිල කියල මට හිතුනෙ...නැගිටින්න බැරුව ඉන්නකොට ඒ වෙලාවෙ පාරෙ ගිය කාර් එකක් නවත්වල ඒකෙ උන්න දෙන්නෙක් මාව උස්සල තිබ්බ ආපහු පාර අයිනෙන්... එයාල ඇම්බියුලන්ස් එකට කතා කරන්නද අහද්දි මම එපා කිව්වා...දනිස්සෙන් ලේ ගලද්දි නොන්ඩි ගහ ගහ ගෙදර ඇවිත් ඒකත් කාටවත් නොකිය මම හංගගෙන උන්න...මම දැන ගෙන උන්නෙ ඇයි එහෙම වෙන්නෙ කියල...