(අළු පාට හැන්දෑව 27.)
ඒ වෙනකොට රාජ්ට අවශ්‍යම දෙයක් වෙලා තිබුනෙ ලැප්ටොප් එකක්..ඒ වගේම එයා ගොඩාක් දුක් වෙවී උන්නනෙ එයාගෙ නැති උන ලැප්ටොප් එක ගැන..ඉතින් ඒ වෙලාවෙ මට කල හැකි එකම දේ තමා එයාට ලැප් එකක් අරන් දෙන එක..එයාගෙ උපන්දිනේට සුදුසුම තෑග්ග ඒක කියලයි මට හිතුනෙ.......
ඒත් එයා කිව්වෙ ලැප්ටොප් එකක් ගන්න එයා ගාව මුදල් තිබෙන නිසා මගෙන් එහෙම දෙයක් අවශ්‍ය නොවන බව......
අපේම මගේම කියන කෙනෙකුගෙ උපන් දිනයකට එයාව සතුටු කරන්න තෑග්ගක් අරන් දීල සුභපතන එක අපේ සිරිතක්නෙ, ඉතින් මාත් හිතුව එහෙම නම් එයාට වෙන මොකක් හරි තැග්ගක් යැවිය යුතුයි කියල...
පස්සෙ උපන්දිනය වෙනුවෙනුත් ලඟම තිබ්බ නත්තල වෙනුවෙනුත් දෙකටම මම ආයෙමත් තෑගි පෙට්ටියක් හදල එයාගෙ ගෙදර ලිපිනය ඉල්ලුවාම මට දුන්නෙ නැහැ, අම්මලගෙන් ගොඩාක් කරදර වේවි කිව්ව..පස්සෙ මම මීගමුවෙ එයා වැඩ කරනව කිව්ව ඔෆිස් එකේ ලිපිනය ඉල්ලුවාම එයා කිව්වෙ....
''..ඕනෙ නැහැ ඔයාට මම අර කලින් දුන්න ජාඇල ඔෆිස් එකටම එවන්නකො..''
''..අපරාදෙනෙ එහෙ යන්නෙ ඔයාගෙ අතටම ලැබෙනවනෙ ඔයා ඉන්න ඔෆිස් එකේ ඇඩ්රස් එක දෙන්නෙකො මට..''
''..නැහැ..මේකයි අපි ලඟදිම ආපහු ජාඇල ඔෆිස් එකට යනව ඒ නිසා ඒකටම එවන්න මට ලේසියි ඒක..''
මේ දවස් වල අපි අතර මෙහෙම කතාවකුත් වෙලා තිබුන..දවසක් හදිසියෙම රාජ් මගෙන් ඇහුව....
''..ඔයාගෙ කාමරේ ටෙඩිබෙයාර්ස්ල ගොඩාක් ඉන්නව නේද?..''
''..ඔව් මම එයාලව එකතු කරනවනෙ..ඇයි?..''
''..නැහැ..මට පුංචිකාලෙ උන්නෙ එකම එක ටෙඩියෙක්..ගොඩාක් ලොකු වෙනකම්ම මම ඌව තියන් උන්න..මේ ලඟකදි දැක්ක උගෙ කෑල්ලක් වත්තෙ කුනු ගොඩක තිබුන..''
එයා එහෙම කිව්වෙ ගොඩාක් දුකින් වගේ.....(මගෙ ''පඬුපුල් ආසනේ'' උනු වෙනවනෙ ඕව ඇහෙනකොට.)ඉතින් එදා මම කිව්ව..

''..දුක් වෙන්න එපා මම ඔයාට මගෙ ටෙඩියෙක් එවන්නම්..'' කියල..........
ඉතින් මම එදා අමතක කලේ නැහැ එදා ඒ යැව්ව පෙට්ටියට ලස්සණ වටින ටෙඩි බෙයාර් කෙනෙකුත් අරන් දාන්න......
(පස්සෙ කාලෙක මට ආරංචි උනා මේ මම යැව්ව ටෙඩියව එයා එයාගෙ අම්මට දුන්න කියල..) ....ඒත් මට නම් කිව්වෙ එදා එයාගෙ ඇඳේ තියාගෙන ඉඳල පහුවදා අම්මලාට පේන්නෙ නැති වෙන්න එයාගෙ අල්මාරියෙ හැංගුව කියල....!!!

මේ දවස් වල අපි දෙන්න හරිම ආදරෙන් උන්නෙ....(සමාවෙන්න... මම හිතුව ඒක තමා ආදරේ කියන්නෙ කියල..)
අර හැමදාම තිබ්බ ගුප්ථ ගති,,පරස්පර විරෝධී කතා,,අදහස්,,අහුවෙන බොරු,,පළි ගැනීම්,,නොවරදවාම වරින් වර ඉස්මතු උනත්,මෙයා ඒ හැම වෙලාවකදීම පොඩි එකෙක් වගේ නහයෙන් අඬ අඬ මගෙන් සමාව ඉල්ල ඉල්ල,මට ආදරෙයි කිය කිය...පූස් පැටියෙක් වගේ හුරතල් වෙවී මා ගාව උන්න..කිසිම විදියකින් මට එයාව දාල යන්න බැරි වෙන්න..එහෙම අවස්ථාවක් උදා නොවෙන්න....!!
මේ දවස් වල මොකක් හරි හේතුවකට අනුත්තරා ගැන කතාව ඇදිලා ආව..
''..ඔයාට කිසිම ආරංචිඅයක් නැද්ද අනුත්තරා ගැන?..''මම ඇහුවා..
''..නෑ..කිසිම දෙයක් නෑ.. දැන් නම් මැරි කරලත් ඇති..'' එයා කිව්ව..
පස්සෙ රාජ් කිව්ව අනුත්තරා මූණුපොතෙනුත් රාජ්ව බ්ලොක් කල නිසා කිසිම දෙයක් දැනගන්න විදියක් නෑ ඒ නිසා මට පොඩ්ඩක් මූණුපොතේ බලන්න කියල...එයා දුන්න හෝඩුවාවල් ඔස්සෙ හොයද්දි මට හමු උනා අනුත්තරාවයි එයාගෙ බෝයි ෆ්රෙන්ඩ්වයි..රාජ්ගෙ අනුදැනුම පිට මම එයාලට ෆ්‍රෙන්ඩ් රික්: යැව්වා..දවසක් අනුත්තරා ඔන්ලයින් උන්න, මම එයාට කතා කලා...එයා දකින්න ඇති අපේ රිලේශන් ශිප් එක..එයා මගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා මම ඒවට උත්තර දුන්නාම එයා කිව්ව ''රාජ්'' නමින් එයාගෙත් යාලුවෙක් උන්න කියල..පස්සෙ මට සුභ පතල එයා මාවත් මූනු පොතෙන් බ්ලොක් කරල දැම්ම....
ඊට දවසකට පස්සෙ මම දැක්ක අනුත්තරාගෙ බෝයිෆ්‍රෙන්ඩ් මූනුපොතේ ඔන්ලයින් ඉන්නව...එක පාරම එයා මට මෙහෙම කතා කලා.....
''..හෙල්ලෝ..''- - - -'' බේබී...! කෝමද?..'' මම ගැස්සුනා.. පුදුම හිතුන..!..මේ මිනිහ කෝමද මට එහෙම කතා කරන්නෙ.? එවෙලෙම මම දැක්ක රාජ් ඉන්නව ඔන්ලයින්...බැලින්නම් දෙවියනේ ඒ මට එහෙම කතා කලේ අනුත්තරාගෙ බෝයිෆ්‍රෙන්ඩ් නෙවේ,ඒ බෝයිගෙ එකවුන්ට් එකට හොරෙන් රිංගගත්තු රාජ්...!!
''..හුරේ..වැඩේ හරී..භයවෙන්න එපා..මේ මම..දුන්න වැඩේ මූට...''
මට පුදුම බයක් දැනුන ඒ වගේම මහා පිලිකුලක්...!!
''..ඔයාට පිස්සුද?? ඔයා මොකෝ කරන්නෙ ඔය අනුන්ගෙ එකවුන්ට් එකක? එපා ඕකෙන් කතා කරන්න මා එක්ක..යන්න අහකට.. ඒ බෝයි දැක්කොත්..? යන්න ඕකෙන්..''
''..හහ්..දැක්කොත් මොනා කරන්නද? ඌට බයේද මම..?''
කරන්න තියන පහත්ම ජරා වැඩක් කරල රාජ් එදා ඒ එකවුන්ට් එකෙන් අයින් වෙලා තිබ්බෙ.....
එදා අපේ රිලේෂන් ශිප් එක අනුත්තරාට පෙන්වන්නත්.අනුත්තරාගෙයි එයාගෙ බෝයිගෙයි පුද්ගලික ජීවිතේ යම් යම් දේවල් දැනගන්නත්,ඒ වගේම ඒ බෝයිගෙ මූනුපොත් එකවුන්ට් එක විනාශ කරල දාන්නත්,මටත් නොදැනිම රාජ් මාව යොදාගත්ත බව මම දැන ගත්තෙ ගොඩාක් පහුවෙලා.....!!